පසුගිය රජය සමයේ සිදු වූ විශාල පාඩුවක් ගැන විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක

පසුගිය රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදුකලේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව සඳහන් වේ. 

ඒ, නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙටි්‍රක් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළේ යැයි එම පැමිණිල්ල තුළින් කරුණු අනාවරණය කර තිබුණු බවද පැවසේ.

ඒ අනුව මෙම පැමිණිල්ලට අදාලව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලිසිය විසින් ලබාගෙන තිබෙන බවද වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...