*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

පැහැසර ⁣පැහැබර කිරීමේ කීර්තිය

දික්වැල්ල විජිත ලංකාවෙ මලල ක්‍රීඩා මං පෙතේ පැහැපත් සළකුණක්.ඔලිම්පික් පරිසාධන මට්ටමෙන් උඩට පැනපු මංජුල කුමාර ඒ පැහැපත් සළකුණේ දීප්තිමත්ම කොටසයි.මේ දීප්තිය වෙනුවෙන් ආලෝකය නිර්මාණය කරන යන්තරේ කීර්ති කුමාර යි.

කීර්ති වැඩියෙන්ම වටින්නෙ ඔහු ජාත්‍යන්තර මට්ටම දක්වා වීසි කිරීම්,පැනීම් සහ දිවීම් යන අංශ තුනටම ක්‍රීඩකයන් තනපු යන්තරයක් නිසයි.ඔහුගෙ අලුත්ම නිර්මාණය නිලුපුල් පැහැසරයි.

උස්බෙකිස්තානයෙ ටෂ්කන්ට් හී පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ රිදී පදක්කම දිනුවෙ පැහැසරයි.සාගරයත් එක්ක ඔට්ටු වෙන ධීවරයෙක්ගෙ දරුවෙක් වන පැහැසර සාගරයෙන් එපිට සිට කීර්තිය රැඟෙන එන්නෙක් බවට පත් කිරීමේ කතාව අස්සෙ වැඩිපුර තියෙන්නෙ කරදිය රහට දැනෙන කඳුළුයි.

කීර්තිගෙ ජීවිතේ ජයග්‍රහණ නිර්මාණ කිරීම් පිටුපස හිටිය හොඳම හයිය බිරිඳයි.ගෙදර දරාගෙන ගෙදරින් පි⁣ට අය තමන්ගේ නීත්‍යානුකූල අයිතියෙන් ප්‍රයෝජන ගන්න හැටි බලාගෙන ඒවට ආශිර්වාද කරන්න පහසුවෙන් බැහැ.නමුත් කීර්තිය එහෙම දරාගන්න පුළුවන් ,ගෙදරට වඩා රටේ විශාලකම තේරුම් ගත්ත බිරිඳක් හිටියා.

මේ වෙන කොට ඒ මතක විතරක් කීර්තිට ඉතුරු කරලා ඇය ගිහිං.එහෙම වියෝවක් දරා ගෙන කීර්ති නොකඩවා හැන්දෑවෙ පහට තමන්ගේ ජීවිතේ කළුවර ගැන හිතන්නෙ නැතුව පැහැසරලගෙ ජීවිතේ ආලෝකය ගැන හිතලා පිට්ටනියට ආවා.ඒ කරපු කැපවීමෙන් තමයි පැහැසරගෙ ජීවිතයට රජත වර්ණ ඇගයීමක් එකතු වුණේ.

උස්බෙකිස්තානයට ගිය කණ්ඩායමේ පැනීම් ඉසව් සඳහා තුන් දෙනෙක් හිටියා.තුන් දෙනාම සරලව කිව්වොත් ඉහළට පනින අය.රිටි සහ උස එම ඉසව් දෙකයි.නමුත් ඒ සඳහා පුහුණුකරුවෙක් ඇතුළත් වුණේ නැහැ.තරුණ බුද්ධික නුවන් මත බර සියල්ල පටවා ඔහුව පිටත් කරන එක අත්දැකීම් සඳහා ඉතා වටින දෙයක්.නමුත් පැනීම් ඉසව් සදහා ඉදිරිපත් වූ ක්‍රීඩකයන්ගෙ පුහුණුකරුවන් තිදෙනාම බුද්ධිකට වඩා අත්දැකීම් සහිතයි.

ඒ අතරින් කීර්ති වඩාත් පළල් අත්දැකීම් සහිතයි.එවැන්නෙක් සමඟ බුද්ධිකව ඈඳුවානම් බුද්ධිකට මේ සංචාරයෙන් උපයාගන්න තිබුණ වටිනාකමත් විශාලයි.ඒ වගෙම උස පැනීමෙන් පදක්කමක් අහිමි වෙන ලෙසඳු අර්ථවිදු ඉකුත් වසරේ මේ තරගාවලියේ උස පැනීමේ ලෝකඩ පදක්කම දිනූ ක්‍රීඩකයායි.

ලෙසඳු මෙවර පස් වැනි තැනට පහළ වැටෙනවා.හැබැයි තෙවන,සිව්වන සහ පස්වන තැන තිදෙනාම තරණය කරපු උස හැටියට සඳහන් වෙන්නෙ මීටර් 1.99 ක්.අතරමඟ උස තරණය කරද්දි භාවිතා කරපු පිමි ගණන් සළකා තමයි ලෙසඳු පස්වන තැනට පහත වැටෙන්නෙ.එහෙම බලද්දි පැනීම් සඳහා විශේෂ පුහුණුකරුවෙක් හිටියනම් පස්වන තැන තෙවන තැන වෙන්නත් තිබුණා.

කෙසේ හෝ මලල ක්‍රීඩා සංගමය ගත් තීරණ මේ සංචාරය සම්බන්ධයෙන් වැරදියි.ඒකට වගකීම මලල ක්‍රීඩා සංගමය මිස සභාපති පාලිත ප්‍රනාන්දු මත පැටවිය නොහැකියි.තීරණ ඔහුගේ නම් එය නිහඬව දරා ගත් සියල්ලගෙ බිදුණු කොදු පාලිත ප්‍රනාන්දුගේ සෘජු බවට වඩා වගකිව යුතුයි.

සමහර වයසක මිනිස්සු වගකීමක් දුන්නම තමන්ගේ ඉතිහාසයේ සම්පූර්ණ කීර්තිය වල දාලා අර තනතුර වෙනුවෙන් අසූචි වුණත් අනනවා.ඒ අය තමන්ට වගකීම දුන්න මනුස්සය වෙනුවෙන් මලල ක්‍රීඩාව කනත්තට වුණත් රැගෙන යයි.

ඉහත ඡේදය ලියැවෙන්නෙ තුෂේන් සිල්වාට රිට රැගෙන යාමට නොහැකි වීම ගැන ලියූ සටහනට ලැබුණ ප්‍රතිචාරයක් නිසයි.කසකස්තාන ක්‍රීඩකයාගෙ රිට හොඳ නිසා පදක්කම ලැබුණ බව කියමින් රටේම මලල ක්‍රීඩාවට ඇගයීමක් හැටියට ලැබුණ ජය ගැන කතා කරද්දි පරිපාලනයට එල්ල වෙන විරෝධය වහන්න ඔහු අසූචි තර්කයක් ගොඬ නගනවා.

නමුත් ඒ රිට දුන්න ක්‍රීඩකයාට ලැබෙන්නෙ තෙවන තැනයි.එසේනම් එතරම් යහපත් තමන්ගේම රිටෙන් ඔහු තුෂේන්ට වඩා පහළ උසක් පනින්නෙ කොහොමද?එසේම මලල ක්‍රීඩා නීතිවලින්ම රිටි පැනීම වැනි තාක්ෂණික සහ සංකීර්ණ ඉසව් ගැන සැළකිල්ල යොමු කර ක්‍රීඩකයන්ට තමන්ගේ පෞද්ගලික භාණ්ඩ පාවිච්චියට අවසර දී තිබෙනවා.

එසේම රිටි පැනීම තේරීම් තරගවලින් පවා ඉවත් කර තිබියදී එය ඇතුළත් වන්නේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි.එසේනම් ඒ අනවබෝධයෙන් මලල ක්‍රීඩා සංගමය සිටිය බව පිළිගත යුතුයි.රිට වැනි ඉසව්වක් තනිව තරගකර සුදුසුකම් උස ඉක්මවා යද්දි තුෂේන් කොයිතරම් මානසික සහ කායික ශක්තියක් සහ සමබරතාවයක් ඇති ක්‍රීඩකයෙක්ද කියන දේ දැණුමෙන් අවබෝධ කරගත යුතුයි.

නමුත් දැණුමට වඩා හදවතින් තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් අසූචි අනන්නට ඉදිරිපත් වෙන්නන් ඉදිරිපත් වීමේ දුගද තමයි ලංකාවෙ මලල ක්‍රීඩාව අපවිත්‍ර කරන්නෙ.ඒ නිසා උස්බෙකිස්තාන සංචාරය නිමාවේ එහිදී ගත් තීරණ ගැන පාලිත ප්‍රනාන්දු තනිව වගකිව යුතු නොවේ.එය මලල ක්‍රීඩා සංගමය භාරගත යුතුයි.

මේ කාරණාවම ක්‍රීඩා අමාත්‍යංශයටත් අදාළයි.ඔවුන් ද පත අට එකට හිදුවා සකස් කළ මාධ්‍ය ලියැවිල්ලෙන් සීතාම්බර සළු පැළදගෙන හැඩේට ආඩම්බරේට පෙනී හිටිනවා.රිටක් නැතුව රිටි පනින්න ක්‍රීඩකයන්ට යන්න වෙන රටක ක්‍රීඩා ඇමති සහ අමාත්‍යංශය ඒ ගැන කණගාටු වෙන්නෙ නැතුව සමාව අදින්නෙ නැතුව කසකස්තාන “ගුණාත්මක රිට” කියා සටහනක් තබනවා.එතකොට මේ රටේ ක්‍රීඩාවට එහෙම ගුණාත්මක තත්ත්වයක් නැති අමාත්‍යංශයක් සහ ඇමති වරයෙක් ඉන්නවා කියන කැත හෙළුව අපි ඒ සීතාම්බර සළු සටහන අස්සෙන් දැක ගත්තා.

මලල ක්‍රීඩා සංගමය පැත්තෙන් ගත්තම තමන්ට යහපතක් වේය යන අදහසෙන් මුනිවත රැක වරදක් වූ විට, “ජෙනරල්ට ඉතිං විරුද්ධ වෙන්න අපට බැහැනෙ” කියන අයගෙ දුර්වල කොඳු තමයි මලල ක්‍රීඩාවට විශාලම හෙනය බව අපේ අදහසයි.

එමෙන්ම මේ සංචාරය ඇතුළෙ කණ්ඩායම් කළමණාකරු ලෙස චන්දන ඒකනායක වැඩිහිටියෙක් සහ මිත්‍රවරයෙක් සේ ඔවුන් සමඟ රැඳෙමින් කළ මෙහෙයක් අගය කළ යුතුයි.”චන්දන ස්ර් මරු” යනුවෙන් දරුවන්ගෙන් ලැබෙන ඇගයීම චන්දන මේ සංචාරයෙ ලැබූ පදක්කමක් තරමට වටින බවත් කිව යුතුයි.

එසේම ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ කසුනි නිර්මලී දෙවන වරටත් යොවුන් ආසියාතික පදක්කමක් දිනා ගැනීමත් පැහැබර අනාගත සලකුණක්.ඇය ඉකුත් වසරේ මීටර් 800 සඳහා රිදී පදක්කමක් දිනා ගත්තා.මෙවර ඇයට හිමි වුණේ තෙවන තැන.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් ඇයව මෙහෙය වූ පුහුණුකරු බුද්ධිකත් අදට වඩා හෙටට වැදගත් කොට සැළකිය යුතුයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan