අපි මුල ඉඳලම වරද්දා ගත්ත ජාතියක් ….

Date:

අපේ රටේ ඉස්කෝල වල තියෙන්නේ හමුදා පාලනයක්..හිංසාකාරී විනය, නිල ඇඳුම් මෙන්ම නිල ඇඳුම් සපත්තු මේස් හා හිසකේ කැපීම සම්බන්ද පෙරට්ටු ගැනීම හා දඬුවම් පැමිනවීම තුලින් හා පාසල තුල ඇති ගුරු ශිෂ්‍ය බල සබඳතාවලින් ගම්‍යවන්නේ ද එකී මිල්ටරි ව්‍යුහයයි.

හමුදාවල් තුල ඇති “බලහත්කාරී විනය” නිර්මාණය කර ඇත්තේ පැරණි වැඩවසම් බල දූරාවලිය ආශ්‍ර කොටගෙනය..ඒ අනුව තාමත් අපේ පාසල් තුල රජයන්නේද එකී පැරණි වැඩවසම් බල දූරාවලිය ආශ්‍රයෙන් නිර්මාණය කරගත් හිංසාකාරී විනය පද්දතියකි.

මිනිසුන් නිර්මාණ ශීලී නොවීමට කුඩා කාලයේ සිටම බලහත් කාරය යොදා දරුවාගේ නිදහස් නිර්මාණශී ළදරු මොලය තලා බියවද්දන මේ අධ්‍යාපන ක්‍රමවේදයද ඉඳුරාම හේතුවී ඇත. අපට මේ අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දුන් බටහිරයන්ගේ අධ්‍යාපන ආකෘතිය තුල පමණක් නොව ඔවුන්ගේ මිල්ටරි ආකෘතිය තුලින්ද මේ ඇතැම් ම්ලේච්ඡත්වයන් සැලකිය යුතු දුරකට පිටමං කර ඇත, මන්ද ඒවා දියුණු ලෝකයකට නොගැලපෙන බැවින්.

මීට වසර තිස් ගනනකට පෙර මෙලොව හැර ගිය මගේ මව ඇගේ පාසල් සමය ගැන සඳහන් කරද්දී එවකට පැවතියේ පාසල්ද නැත්නම් ළමා වදකාගාරද යන්න මට පැටලිලි සහගතය. ඇය වියපත්ව සිටියදී පවා ඇගේ ඇතැම් ගුරුවරු ඇයට සිහිපත්වූ විට පවා බියමුසු හැඟීමක් ඇතිවන බව ඈ මා සමඟ පවසා ඇත.

බොහෝවිට මේ එක තැන කැරකෙන ඉතිහාස ම්ලේච්ඡත්වය අනෙක්වා සේම චක්‍රයක් සේ පරම්පරාවෙන් පරම්පරාවට අඳුරු අවතාර සේ නැවත නැවතත් සම්මුඛ වනවාද විය හැකිය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...