ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත,ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

චෝදනා එල්ල වී ඇත්තේ, ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති බවටත්, එම සම්බන්ධය වසං කිරීමට ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල් ට මුදල් ලබා දුන් බවටත්ය.  

එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. අධිකරණයට අපහාස කළේ යැයි ට්‍රම්ප්ට දඩ නියම වූයේ මෙම නඩු විභාගයට අදාලව බව පැවසේ.

ට්‍රම්ප් පසුගිය දා මෙම නඩු විභාගයට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඒ ඔහුගේ සමාජ මාධය ඔස්සේය. අධිකරණය දඬ නියම කළේ එම පිරිස විවේචනය කරමින් ට්‍රම්ප් අධිකරණයට අපහාස කළ බවටය. 

විනිසුරුවරයා පවසා ඇත්තේ, ඉදිරියටත් මෙලෙස අධිකරණයට අපහාස කළහොත්, ට්‍රම්ප්ට සිරදඬුවම් නියම කිරීමට පවා තමන් සූාදනම් බවයි.

වසරේ නොවැම්බරයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණය මෙම පැවැත්වෙන බවද එරට මාධ්‍ය වාර්තා පවසයි.

ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන්නේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඇති බැවිනි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපති, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතරේ බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව...

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...