ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …

Date:

සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහිකිරීම පිණිස මෙසේ මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම එම අරගලයේදී පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ කමිස ඔසවාගෙන එදා ඔවුන් ගිය පෙළපාලිය සිහිපත් කරමින් වැඩකරන ජනතාවගේ ධජය රතු පැහැයෙන් සංකේතවත් වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණු වුවත් ලෝකය ධනයෙන් කෙතරම් ආඩ්‍ය වුවත් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තවමත් බොහෝ සෙයින් පහළ මට්ටමක පවතී. වඩා යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරේ.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්වය අනුව ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපවත්වන අතර සෙසු ප්‍රධාන පක්ෂ අතරිනුත් කොළඹදී මැයි රැළියක් පවත්වන්නේ සමගි ජන බලවේගය පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම සඳහා කොළඹින් බැහැර ප්‍රදේශ තෝරාගෙන තිබේ.

මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගෙන අරගලයේ යෙදෙන කණ්ඩායම් විසින් ද එම ස්ථානයෙහි මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...