මහින්දානන්දගේ පහරදීමකින් පුද්ගලයෙකු රෝහලේ ??

Date:

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.

ඊයේ (30) නාවලපිටිය, වැටකේදෙණිය ප්‍රදේශයේ මිරිස්පැළ බෙදාදීමේ වැඩසටහනකට ගොස් ආපසු පැමිණෙමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් මෙසේ රෝහල්ගත වී ඇත්තේ සමගි ජන බලවේගයේ කොට්ඨාස නායකයකු වන චන්දන ශාන්ත කුමාර නමැති අයෙකි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධියට මුහුණ දී ඇත්තේ තමන් නොව තම ලේකම්වරයෙකු බවයි.

තම රථයට පසුපසින් පැමිණි රථයක මෙම ලේකම්වරයා සිට ඇති අතර ඔහුගේ රථයට මාර්ගය අවහිර කරමින් පහරදී ඇත්තේ දැනට රෝහල්ගතව සිටින පුද්ගලයාම බව පවසන අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් තම ලේකම්වරයා පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බවත් පවසා ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යය කළ විමසීමකදී පවසා ඇත්තේ පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා බීමතින් සිට ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...

ඇන්ජි…

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත්...