බෝනික්කන් 30ක් වෙනුවට 2ක් තිබ්බම අවුලක් නෑනේ? – ට්‍රම්ප්පච්චිගේ ශුගර් කෝටඩ් වචන!

Date:

සටහන – පුලී
මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා පිළිගනු ලැබුවේ, ඔහුගේ තීරුබදු නිසා එක්සත් ජනපදයේ නිෂ්පාදන අඩු වී මිල අධික තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මේ හේතු සාධක මත ඇමරිකානු දරුවන්ට “බෝනික්කන් 30ක් වෙනුවට බෝනික්කන් දෙදෙනෙකු සිටිය හැකි” බව ඔහු ව්‍යංගාර්ථයෙන් මේ පිළිබඳ හින්ට් එකක් දී ඇත්තේ ඇත්ත තිත්ත හංගමින් ඊට උඩින් සීනි තවරමිනි.
හරියට මිල වැඩි වුනාට කමක් නෑනේ පොඩ්ඩක් හරි ශේප් එකේ ඉන්න පුලුවන් නේ?! වගේය.

නමුත් ඔහුගේ වෙළඳ යුද්ධයෙන් චීනයට වැඩි හානියක් සිදුවනු ඇතැයි ඔහු මනාව අවධාරනය කළේය.

නව රජයේ වාර්තාවකින් වසරේ මුල් මාස තුන තුළ එක්සත් ජනපද ආර්ථිකය හැකිලී ඇති බව පෙන්නුම් කිරීමෙන් පසුව ට්‍රම්ප්, තම තීරුබදු ගැසිල්ලෙන් ආර්ථික අවපාතයක් ඇති නොකරන බවට බියෙන් සිටින රටකට සහතික කිරීමට උත්සාහ කරමින් සිටී.

ට්‍රම්ප් ඕනෑම පසුබෑමකට ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන්ට දොස් පැවරීමට වඟ බලා ගැනීම සිනහවට කරුණකි. අරක වුණේ බයිඩන් නිසා මේක වෙන්නෙත් බයිඩන් නිසා ගෑවට රටක නායකයෙක් විදියට කාගෙවත් ඇඟට කුණු නොදා ඒවා විසඳා ගැනීමට පොඩි හරි දෙයක් කරානම් වටිනවා යැයි ට්‍රම්ප් තරයේ සිතට ගත යුතුය.

මේ සිදුවීම් වර්තමානයේ ලංකාවේ ද දැකගත හැකිය. මොනා හරි කරගන්න බැරි වුණ ගමන් ලොක්කන් බැණ වදින්නේ කලින් හිටපු අයගේ කෙරුවාවල් කියා ය. එතකොට ඔක්කොම කුණු බේරේ වැවට වගේ යන්නේ හිටපු නායකයන් සහ පාලකයන්ගේ කර පිටින් ය. ඊට කම් නැත. ට්‍රම්ප්පච්චි වගේම අනිත් අයත් බැණ බැණ හරි රටවල් හදනවානම් කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් මේ ඔක්කොම කයිවාරු පප්පලාය.

ට්‍රම්ප්ගේ තීරුබදු පෙරළිය නිසා මේ වනවිට චීනය දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව ඔහුගේ කැබිනට් මණ්ඩලයට පැවසූ අතර, එක්සත් ජනපදයට ලෝකයේ ප්‍රමුඛ නිෂ්පාදකයාගෙන් ආනයන අවශ්‍ය නොවන බව ද උජාරුවෙන් පැවසීය.

ට්‍රම්ප්ගෙන් මේ පිළිබඳ නැඟූ ප්‍රශ්නයන්ට උත්තර ලෙස ලැබුණේ, “හොඳයි, සමහර විට දරුවන්ට බෝනික්කන් 30ක් වෙනුවට බෝනික්කන් දෙකක් තිබෙන්නට පුළුවනි. ඒ නිසා බෝනික්කන් දෙදෙනෙකුට සාමාන්‍යය අගයට වඩා ඩොලර් කිහිපයක් වැඩිපුර වැය විය හැකියි.” යනුවෙනි.


නව රජයේ පළමු කාර්තුව තුළ එක්සත් ජනපද ආර්ථිකය වාර්ෂිකව 0.3%ක අනුපාතයකින් හැකිලී ගිය බව වාණිජ දෙපාර්තමේන්තුව වාර්තා කෙරිණි.

මෙසේ පහත වැටීම පිටුපස සමාගම්වල මෝටර් රථ, වානේ, ඇලුමිනියම් ඇතුළු දෑ වල ආනයන වටිනාකම් වැඩිවීමක් දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...