මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණයෙන් පසු යල කන්නය සඳහා ජලය මුදා හැරේ…

රෂිකා හෙන්නායක මැයි 01, කොළඹ LNW :

මෑතකදී ඇති වූ දිට්වා ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (30) දින සුබ මොහොතින් සිදු කෙරිණි.

අල්ල ගොවි ජනපද ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 40,000ක පමණ ප්‍රමාණයක් පෝෂණය වන්නේ මෙම මාවිල්ආරු ජලාශය මගිනි.

සේරුවිල, වෙරුගල් සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් ගොවි පවුල් 10,000ක් පමණ සිය කෘෂිකාර්මික කටයුතු සඳහා මාවිල්ආරු ජලාශයෙන් ජලය ලබා ගනිති. එහෙත් පසුගියදා ඇති වූ දිට්වා ගංවතුර තත්ත්වය හේතුවෙන් මාවිල්ආරු ජලාශය සහ එහි බැම්ම මුළුමනින්ම පාහේ විනාශයට පත් විය.


විනාශ වූ ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර, එහි වැදගත් අදියරක් ලෙස එළඹෙන යල කන්නය ආරම්භ වීමට ප්‍රථම ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් නිම කරන ලදී.

ඒ අනුව, අල්ල ව්‍යාපාරය වෙත ජලය නිකුත් කිරීම සඳහා වන ප්‍රධාන සොරොව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර, ඊයේ (30) දින ජලය මුදා හැරීම සිදු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...