*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/01

  1. ඉන්ධන මිල අවම වීම වේගවත් වූයේ ඉල්ලුමෙහි ඇති දැඩි හැකිලීම නිසා බව විශ්ලේෂකයෝ පවසති: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් – 92 ඔක්ටේන් ප්‍රෙටල් ලීටරයක මිල රු. 333 (රු. 7 කින් පහළට); 95 ඔක්ටේන් ලීටරයක මිල පෙට්‍රල් රු. 365 (රු. 10 කින් පහළට); ඩීසල් ලීටරයක මිල රු. 310 (රු. 15 කින් පහළට); සුපර් ඩීසල් ලීටරයක මිල රු. 330 (රු. 135 කින් පහළට): ලංකා IOC හි ඉන්ධන මිල ගණන් ද මීට සමඟාමීව අඩු කෙරේ.
  2. ජාත්‍යන්තර කම්කරු දිනයට සමඟාමීව, විවිධ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් රට පුරා විවිධ නගරවල මැයි දින පෙළපාලි, රැලි පැවැත්වීමට නියමිතය: එක්සත් ජාතික පක්ෂය කොළඹ උතුර සුගතදාස ක්‍රීඩාංගණය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටිය; සමඟි ජන බලවේගය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන කීඩාංගණය; ජාතික ජන බලවේගය විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට‍; පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙල්කඳ හන්දිය; උත්තර ලංකා සභාගය කොළඹ හයිඩ්පාක් පිටිය; ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට; නිදහස ජනතා සභාව නුවර සහස් උයන ඉදිරිපිට.
  3. ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ඇ.ඩො. බිලියන 25.9 ක ණයෙන් ඇ.ඩො. බිලියන 7.1 ක් ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව රජය ද්වී-පාර්ශ්වික බාහිර ණයහිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කරයි: පැරිස් සමාජයේ සාමාජිකයන්, ඉන්දියාව සහ චීනය සමඟ වෙනම සාකච්ඡා පැවැත්වීමට නියමිතය: මෙහි දී, සැමට වසර 6ක කල්පිරීමේ දිගුවක්, 15% – 30% අතර වූ ණය කප්පාදු කිරීම් (haircuts) සහ ඉහළ කූපන්පත් ද සමඟ මූලික ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථා 3ක් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත ය: රජට සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දීමට ඊයේ දින කටයුතු කළේය.
  4. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර දේශීය සිල්ලර වෙළඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දෙන මෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි: රට තුළ දැවැන්ත බිත්තර හිඟයක් මතුව ඇත.
  5. “පකිස්ථානය ශ්‍රී ලංකාව මුහුණ පෑ අන්දමේ තත්ත්වයකට මුහුණ පෑමට ඉඩ ඇති” බවත්, මැතිවරණ පැවැත්වීමට කටයුතු නොකළහොත් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ රට පුරා ඇති විය හැති බවත් පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය තෙහ්රීක්-එ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි: තමා මේ වන තුරු ක්‍රියාත්මක කර තිබෙන්නේ පක්ෂය විසින් ගනු ලැබූ බිඳෙනසුලු ආර්ථිකයට හානියක් සිදුනොවන අන්දමේ තීරණ බවත්, මැතිවරණ පැවැත්වීම කල් දැමුවහොත් තත්ත්වය පාලනයෙන් තොර විය හැකි බවටත් අනතුරු අඟවයි.
  6. 2018 වසරේ පටන් මේ දක්වා ශ්‍රී ලංකා බලධාරීන් විසින් විවිධ චෝදනා මත ධීවරයන් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන ධීවර බෝට්ටු සංඛ්‍යාව 109 ක් බව තමිල්නාඩුවේ ධීවරයෝ පවසති: මෙම ධීවර බෝට්ටු නිදහස් කර ගැනීමට මැදිහත් වන මෙන් එරට ධීවර සංගම් සාමාජිකයෝ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ගෙන් ඉල්ලා සිටිති; ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හරහා දෙරට රජයන්ගේ මැදිහත් වීමෙන් (Govt-to-Govt) මීට පිළියමක් සෙවීමට ද කටයුතු කරති
  7. සුඩානයේ මතුව ඇති ආපදා තත්ත්වය තුළ එරටින් ඉවත්කර ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු යළි දිවයිනට: මෙලෙස පුද්ගලයන් ආරක්ෂිතව ඉවත්කර ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබුවේ සවුදි අරාබි රජය විසිනි.
  8. මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව, බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජු විසින් සිය රාජාභිෂේකයට පෙර දින (මැයි 05) බ්‍රිතාන්‍ය රජය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.
  9. බස්නාහිර, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තාප දර්ශකය (Heat Index) සෙල්සියස් 39 – 45 අතර වූ අවධානම් (Caution) මට්ටම්වලට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
  10. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්ද විමසීමේදී සභා ගර්භයෙන් පිටව යාම හරහා සමඟි ජන බලවේගය එම ගිවිසුමෙන් රටට සහ ආර්ථිකයට සිදුවන විනාශය අනුමත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. සුනිල් හඳුන්නෙත්ති පවසයි: මෙම ගිවිසුමට විරුද්ධ වීමට සමඟි ජන බලවේගයට කොන්දක් නොතිබූ බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan