ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් – PHI සංගමය අනතුරු හඟවයි !

Date:

ඉදිරියේදී රට තුළ ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවීමේ බරපතළ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

“අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. ඉදිරි කාලය තුළ රට තුළ ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් බරපතළ ලෙස තියෙනවා කියන එක මහජනතාවට අනතුරු හඟවන්න ඕනෙ. විශේෂයෙන්ම විශාල වශයෙන් මහජන මුදල් විනාශ කරමින්, මහජන මුදල් වියදම් කරමින් නිසි ක්‍රමවේදයක් නැතුව ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කරනවා කියලා පේන්න තියෙනවා. ඩෙංගු රෝගීන් වැඩිවෙනකොට, ඩෙංගු රෝගය වැඩිවෙනවා කියන්න ජාතික ඩෙංගු මර්දන ඒකකයක් අවශ්‍ය නෑ. විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය බලාපොරොත්තු වෙනවා කෑම වේලක් එහෙම නැත්නම් තේ එකක් දීලා මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඩෙංගු මර්දනය සඳහා යොදාගන්න. ඒක ප්‍රායෝගිකව බිම් මට්ටමේ සිද්ධ වෙන්නෙ නෑ. පිටු ගණන් චක්‍රලේඛ නිකුත් කරලා ඩෙංගු මර්දනය කරන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා නම් ඒක වෙන්නෙ නෑ. ඒ නිසා නැවත වතාවක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට අවධාරණය කරන්නේ මේ රටේ මහජන මුදල් කාබාසිනියා නොකර ප්‍රායෝගිකව ඩෙංගු මර්දනය කළහැකි වැඩපිළිවෙලක් බලලා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, අවශ්‍ය ඉන්ධන ඇතුළු දේ නිලධාරීන්ට සපයන්න. එහෙම සපයන්නෙ නැතුව මේ රටේ මිනිස්සුන්ට ඩෙංගු රෝගය පාලනය කරන්න උපදෙස් දීමෙන් ඵලක් වෙන්නෙ නෑ”

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

රනිත්මාගේ අසනීපයෙන් බලාපොරොත්තු ඇහිරෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: එංගලන්ත කණිෂ්ඨ වීවෘත සූරතාවලියේ සූරියව...