බැකෝ යන්ත්‍රයකින් ගොඩට ගත් එප්පාවල වැසිකිලි වලෙන් මතු වූ විශාල දේ!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): එප්පාවල පොලිස් වසමේ මාවතවැව ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක වැටී සිටි වන අලියකු වනජීවී නිළධාරීන්, පොලිස් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අද (01) උදෑසන ගොඩට ගනු ලැබීය.

එප්පාවල මාවතවැව ගම්මානයට ගම්වැදුනු වයස අවුරුදු 25 ක පමණ වන අලියකු, මාවතවැව විද්‍යාලය අසල නිවසක වැසිකිලි වලකට අද (01) අලුයම් කාළයේදී වැටී ඇත.නිවැසියන් පවසන්නේ එක් වරම විශාල ශබ්දයක් ඇසුනු බවත්, ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී වන අලියකු වැසිකිලි වලට වැටී සිටි බවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම නිළධාරීන් පැමිණ නිරීක්ෂණය කරනු ලැබූ අතර, වැසිකිලි වල තුළට වැටුණු වන අලියාගේ පසුපස පාද දෙක වල තුළ සිරවීම නිසාවෙන් වන අලියාට ගොඩට ඒමට අපහසුව පැය 09.00 කට ආසන්න කාළයක් වල තුළ සිරවී සිටීමට සිදු විය.වැසිකිලි වලට වැටුණු වන අලියා දැක බලා ගැනීමට විශාල පිරිසක් අදාළ නිවස වෙත පැමිණි අයුරුද දැක ගත හැකි විය.

පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාල නිළධාරීන් විසින් ප්‍රදේශවාසීන් එම නිවස අසලින් ඉවත් කර, බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන වැසිකිලි වලේ බැම්ම එක් පැත්තකින් කපා වල තුළ වැටී සිටි වන අලියා ගොඩට ගත් අතර, ගොඩට පැමිණි වන අලියා මාවතවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...