බැකෝ යන්ත්‍රයකින් ගොඩට ගත් එප්පාවල වැසිකිලි වලෙන් මතු වූ විශාල දේ!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): එප්පාවල පොලිස් වසමේ මාවතවැව ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක වැටී සිටි වන අලියකු වනජීවී නිළධාරීන්, පොලිස් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අද (01) උදෑසන ගොඩට ගනු ලැබීය.

එප්පාවල මාවතවැව ගම්මානයට ගම්වැදුනු වයස අවුරුදු 25 ක පමණ වන අලියකු, මාවතවැව විද්‍යාලය අසල නිවසක වැසිකිලි වලකට අද (01) අලුයම් කාළයේදී වැටී ඇත.නිවැසියන් පවසන්නේ එක් වරම විශාල ශබ්දයක් ඇසුනු බවත්, ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී වන අලියකු වැසිකිලි වලට වැටී සිටි බවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම නිළධාරීන් පැමිණ නිරීක්ෂණය කරනු ලැබූ අතර, වැසිකිලි වල තුළට වැටුණු වන අලියාගේ පසුපස පාද දෙක වල තුළ සිරවීම නිසාවෙන් වන අලියාට ගොඩට ඒමට අපහසුව පැය 09.00 කට ආසන්න කාළයක් වල තුළ සිරවී සිටීමට සිදු විය.වැසිකිලි වලට වැටුණු වන අලියා දැක බලා ගැනීමට විශාල පිරිසක් අදාළ නිවස වෙත පැමිණි අයුරුද දැක ගත හැකි විය.

පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාල නිළධාරීන් විසින් ප්‍රදේශවාසීන් එම නිවස අසලින් ඉවත් කර, බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන වැසිකිලි වලේ බැම්ම එක් පැත්තකින් කපා වල තුළ වැටී සිටි වන අලියා ගොඩට ගත් අතර, ගොඩට පැමිණි වන අලියා මාවතවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...