එජාපයේ වෑයම මෙවරත් වරදී. ගේනවා කියපු කවුරුත් නෑ !

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ වේදිකාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අනිවාර්යයෙන්ම ගේනවා කියලා පහුගිය දවස්වල එජාප ලොක්කෝ කීපදෙනෙක්ම පාරම්බාලා තිබුණා.

සමහරු ඔය ගාණ හයක්, හතක් කියලාත් කිව්වා.

කොහොම වුණත් ඔය වැඩේට අදාළව සාකච්ඡා කීපයකුත් සිද්ධ වෙලා නොතිබුණා නෙවෙයි. පහුගිය සතියේදී එජාප කොළඹ පැත්තේ “නායක” කෙනෙක්ගේ ගෙදරදීත් සාකච්ඡාවක් තිබුණා ලු. එතනට රටේ ලොක්කාත් ආවා කියලා ආරංචියි. එතනදී සජබ කීපදෙනෙක් එජාපයට එන්නම් කියලාමත් කිව්වා ලු. මැයි රැලියට එන එක ගැන පොසිටිව් සිග්නල් දුන්නත් හරියටම වචනයක් දුන්නෙත් නැහැ ලු. මැයි දිනේට කලින් ආපහු හම්බවෙමු කිව්වාට ඒක වුණෙත් නැහැ ලු.

කොහොමින් හරි අන්තිමේ ඊයේ (10) දවසේ එජාප මැයි රැලියට සජබෙන් කවුරුත්ම ගෙන්නා ගන්න බැරිවුණා.

සජබෙ අය ඔන්න ගේනවා, මෙන්න ගේනවා කියලා කයිවාරු ගහපු කීපදෙනෙකුට ලොකු තැනකගෙන් හොඳටම අහගන්න සිද්ධ වෙලා කියලාත් ආරංචියි අන්තිමේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...