දැන් කමිටු අවශ්‍ය නෑ, දැන් සජබ – එජාප එකතුවෙලා ඉවරයි – විපක්ෂ නායක සජිත්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැනටමත් එකතු වී අවසන් බවත් එහෙයින් එම එකමුතුව සඳහා නැවතත් කමිටු පත්කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ, දැන් දෙගොල්ල එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාපිටියේදී පැවති සජබ මැයි රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...