දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/02

Date:

  1. 2023 අප්‍රේල් වන විට කොළඹ නිවසක විදුලි බිල වසරින් වසර (YoY) රු. 10,192 කින් ද, ජීවන වියදම් වසරින් වසර (YoY) රු. 46,169 කින් ද ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි: ආහාර සඳහා වසරින් වසර (YoY) රු. 12,929; කිරි පිටි සඳහා වසරින් වසර (YoY) රු. 1887; නැවුම් පළතුරු සඳහා රු. 1,371; මුහුදු මාළු රු. 1,367; කුකුළු මස් රු. 1,058; පාන් රු. 569; සහ හාල් රු. 552.
  2. රටේ තරුණ ප්‍රජාව විසින් ඉල්ලා සිටින දේශපාලනික සහ ආර්ථික වෙනස්කම් සිදු කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: මැයි වන විට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ ආංශික අධීක්ෂණ කමිටුවලට තරුණ පුද්ගලයන් පස් දෙනෙකු පත් කරන බව ද පවසයි: රටේ දිගු කාලයක් මුළුල්ලේ පවතින වාර්ගික ගැටළුවට විසඳුම් සැපයීම සඳහා මෙම වසර තුළ එකඟතාවයකට එළඹීමට අපේක්ෂා කරන බව ද පවසයි.
  3. MV X-Press Pearl ව්‍යසනය යට ගැසීමට ඇ.ඩො. මිලියන 250 ක අල්ලස් මුදලක් එක්සත් රාජධානියේ බැංකුවකට බැර කළ බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයට අදාළව දියත් කළ විමර්ශනයේ දී, එම මුදල ලබා ගත්තේ යැයි කියන එවන් අන්දමේ බැංකු ගිණුම් හිමියකු නොමැති බවට, සහ සමස්ත සිදුවීම් දාමයම අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නිර්මාණය කළ නාටකයක් බවට නිගමනය කළ බව එම විමර්ශන දියත් කළ නිලධාරීහු පවසති: මෙය, රටට සිදුවූ හානියට වන්දි ගෙවීමෙන් වැළකී සිටීම සඳහා අදාළ පාර්ශවයන් විසින් භාවිතා කරන ලද උපක්‍රමයක් විය හැකි බවටත් ඔවුහු සැක පළ කරති.
  4. වාහන ශෝධනය (car wash), සේවා ස්ථාන (service areas), කඩසාප්පු (shops) සහ නවාතැන්පොළවල් (motels) ආදී සියලු-සේවා (all-purpose) සහිත ඉන්ධන පිරවුම්හල් රට තුළ ස්ථාපිත කරන මෙන් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොලට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශ සමාගම් දෙකක් වන චීනයේ රජය සතු සිනොපෙක් (Sinopec) සහ එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස්-ෂෙල් (RM Parks-Shell) යෝජනා කර සිටියි: මෙම ස්ථානවල QR කේත ක්‍රමයෙන් තොරව ඉන්ධන ලබා දීමට පහසුකම් සපයන මෙන් ද ඉල්ලා සිටියි.
  5. මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ලංකා සතොසේ නියෝජිතායතන හරහා විකිණීමට 2021 දී වෙළඳ අමාත්‍යංශය ලංකා සතොසට උපදෙස් ලබා දුන් බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන චෝදනා කරයි.
  6. ශ්‍රී ලංකාව තුළ, තම සමුච්චිත ආයෝජන ඇ.ඩො. බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව චීනයේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන චයිනා මර්චන්ට්ස් ගෘෘප් (China Merchants Group) හි සභාපති මියාවෝ ජියන්මින් (Miao Jianmin) පවසයි: නූතන සැපයුම් (logistics) මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඇ.ඩො. මිලියන 400 ක ආයෝජනයක් සිදු කිරීම ඇතුළු ව්‍යාපෘති 15 කට අදාළව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පැවති ගිවිසුම් ගත වීමේ උත්සවයකට සහභාගී වෙයි.
  7. 2022 – 2023 මූල්‍ය වර්ෂය සඳහා ඇ.ඩා. මිලියන 3 ක ශුද්ධ ලාභයක් ඉපයීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සමත් වූ බව එම සමාගම පවසයි: 2008 වසරේ දී එම සමාගමේ කලමනාකරණයෙන් එමිරේට්ස් (Emirates) ඉවත් වීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවන් ශුද්ධ ලාභයක් ඉපයූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ: ශ්‍රී ලංකා රුපියල්වලින් රු. බිලියන 69 ක පාඩුවක් දැරීමට සමාගමට සිදුවූයේ ප්‍රධාන වශයෙන්ම විනිමය අහිමි වීම් මත බව ද පිළිගනියි.
  8. සොරකම් කරන ලද පරෙවියන් සුරතල් සතුන් ලෙස කූඩුවල දමා අලුත්ගම ප්‍රදේශයේ නිවසක ඇති කරන බවට පෙන්වා පසුව උන් මරා දමා බාර්බකිව් (barbeque) කර ආහාරයට ගන්නා බවට පෙන්වන ටික්ටොක් වීඩියෝවක් මුදා හැරීමේ සිදුවීමකට අදාළව පොලීසිය වයස අවුරුදු 18 සහ 20 අතර තරුණ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනියි.
  9. පෞද්ගලීකරණය කරන ලද වැවිලි සමාගම්වලට රජයෙන් ඉඩම් ලබාදී ඇති බැවින් රජයේ අනුමැතියකින් තොරව එම සමාගම්වල කොටස් පැවරීම අවහිර කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරයි: මෙමඟින් පෞද්ගලික දේපළ හිමිකම් නොසැලකීමට ලක්වන අතර, පෞද්ගලික හිමිකාරීත්වයෙන් ලැබෙන ප්‍රතිලාභ අවම කෙරෙනු ඇති බවට විවේචකයෝ පෙන්වා දෙති.
  10. ජ්‍යෙෂ්ඨ (මාධ්‍යවේදී) නිලධාරියකු තමාට ලිංගික අතවර සිදුකළ බවට, සමාජ මාධ්‍ය සටහනක් තබමින් ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ ජනප්‍රිය මාධ්‍යවේදිනියක වන ඉෂාරා දේවේන්ද්‍ර විසින් එල්ලකළ චෝදනාවට අදාළව ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ස්වාධීන රූපවාහිනී සේවය විසින් විධිමත් පරීක්ෂණයක් දියත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය