අද තුන්වේල කෑමත් ප්‍රශ්නයක් – සිරිසේන කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ දුප්පත් ජනතාවට අද ඇති එකම ප්‍රශ්නය තුන්වේල කා ජීවත් වීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01 දා) පැවසීය.

2015 තමා බලයේ සිටියදී සමෘද්ධිමත්ව ගෙන ගිය රට මේ වනවිට විශාල අගාධයකට පත්වී නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමට ලක් වී තිබෙන බව මහනුවර ඊයේ (01 දා) පැවැති ශ්‍රීලනිප මැයි දින සැමරුමට එක්වෙමින් ඔහු පැවසීය .

2019 ට පසු විශේෂයෙන් 2020, 2021 මේ රට විනාශ කළේ මෙරට ඉතිහාසයේ කිසිම දවසක එවැනි විනාශයක් සිදු නොකළ ආකාරයට බවද, 69 ලක්ෂයක් ඡන්දය දී ජනාධිපතිවරයකු පත්කර ගත්තත් රටේ දූෂණය නාස්තිය වැඩි වී තිබූ බව ද හෙතෙම කියා සිටියේය.

සිය පාලන කාලයේ ගහක් කපන්නට අවශ්‍ය නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් සකස් කර තම අනුමැතිය ලැබෙන තෙක් ගස් කැපීම නතර වී තිබූ බවද, අද වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍ය නිසා විනාශ වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද පැවසූ මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ගැන සාමාන්‍ය පෙළ, උසස් පෙළ, දරුවන් ගුරුවරුන් සමග සාකච්ඡා කළහොත් මහා ඛේදවාචකයක් බවට පත් වී ඇති බව දැනගත හැකි බව ද කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ 2018 තිබූ තත්ත්වයට හෝ රට පත්කරගත යුතු බව යැයි කීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...