ත්‍රිවිධ හමුදාවේ පොදු සමා කාලය ගුවන් හමුදාව වෙනස් කළේ කොහොමද? ගු.හ සංශෝධනය අසාධාරණ බවට චෝදනා!

Date:

කොළඹ LNW:ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරීලත් නිලයන්ට සහ සෙසු නිලයන්ට අයත් පුද්ගලයින් වෙත දඬුවම් පැමිණවීමකින් තොරව සේවයෙන් ඉවත්වීමට ලබා දෙන පොදු සමා කාලය 2024.04.20- 2024.05.20 දක්වා ලබා දී තිබෙන නමුත් ගුවන් හමුදාවට අදාළව සිදුව තිබෙන සංශෝධනය අසාධාරණ බවට සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තුව සිටින පිරිසක් පවසයි.

එම පොදු සමාකාලය නිවේදනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලිපියක් නිකුත් කර තිබෙන අතර පසුගිය අප්‍රේල් 19 වැනි දින එනම් එම සමාකාලය ආරම්භ වීමට පෙර ගුවන් හමුදාව විසින් ඊට සංශෝධන සහිතව ලිපියක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පොදු සමා කලය වෛද්‍ය, දන්ත හා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂකට අයත් සේවා සදහා අදාළ නොවන බවට දැනුම් දී ඇත.

මීට ඉහතදී ලබා දුන් පොදු සමා කලයේදී මෙවැනි ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු නොවුණු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපියේ සඳහන් පරිදි දැනට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ගුවන් හමුදාවේ උක්ත නිලයන් සඳහාද වෙනසකින් තොරව එම පොදු සමාකාලය ක්‍රියාත්මක කරන ලෙසයි එය බලාපොරොත්තුවෙන් පසුවන කණ්ඩායමක් ඉල්ලා සිටින්නේ.

ගුවන් හමුදාව තුළ සිටින්නේ අධිකාරීලත් නිලධාරීන් හා සෙසු නිලයන් යන දෙපිරිස පමණක් වන අතර එහි වෛද්‍ය, දන්ත කේෂ්ත්‍ර වල උසස් පෙළ ජීව විද්‍යා, ගණිත අංශ වලින් සමත් උගතුන් පිරිසක් සිටියද, ඔවුන්ට ලැබෙනුයේ අ.පො.ස සා/පෙළ සමත් අනෙකුත් සාමාජිකයන්ට ලැබෙන වරප්‍රසාද පමණක් බවද සඳහන්.

තවද ඔවුන්ගේ වැටුප් අතර ඇති වෙනස රුපියල් 425 ක මුදලක් පමණක් බවද දැක්වෙයි.

පොදු සමාව තුළ පමණක් ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය රෝහලෙහි සේවය කරන සාමාජිකයන් “වෘත්තිකයන්” යැයි ලේබල් ගසා සිටියද, කිසිඳු දිනක ඔවුන්ගේ වෘත්තිමය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන නොමැති බවටයි චෝදනා එල්ල වෙන්නේ.

මෙම උගත් සහතික ලත් හෙද නිලධාරීන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සාමාජිකයන් ගුවන් හමුදාව තුළ සිදු කරන සේවාවන්වලට මිදුල අතුගෑම, තණකොල කැපීම, කාණු සුද්ද කිරීම, රජයේ රෝහල් තුළ නැවතී සිටින රෝගීන් සඳහා ආහාර බෙදා දීම,රෝගීන් සායනයන් සදහා රජයේ රෝහල් වලට ගෙන යාම, වෛද්‍ය සේවාවෙහි උසස් නිලධාරීන්ගේ පෞද්ගලික වැඩ කිරීම,වැසිකිළි සුද්ද කිරීම වැනි දේවල් ද එක්විය විය යුතු බවද සඳහන්.

කිසිදු දිනක රෝහල් තුළ වෘත්තිමය සේවාවන් පමණක් මෙම නිලයන්ගෙන් ලබා ගෙන නොමැති ගුවන් හමුදාව පොදු සමාවෙහිදි පමණක් සේවය හැර ගිය අය නොමැතිව වෘත්තිමය කටයුතු අඩාල වෙන බව පැවසීම හාස්‍යයට කරුණක් බවට පත්ව තිබේ.

දැනට වෛද්‍ය, දන්ත අංශවල සේවය කරන්නන් තව දුරටත් සේවය හැර යාම වළක්වා ගැනීමට නම් ඔවුන්හට නිසි වැටුපක් ලබා දීම, විශේෂ වරප්‍රසාද ලබා ලබා දීම හා ඔවුන් නිසි සේවයෙහි පමණක් යෙදවීම කළ යුතු බවටද යෝජනා වී තිබේ.

එසේත් නොමැති නම් ඔවුන්ද නුදුරු අනාගතයේ දී ගුවන් හමුදාව නියතවම හැර යනු ඇති අතර මෙලෙස ගුවන් හමුදාව ඔවුන්ට අවශ්‍ය පරිදි පොදු සමාව තෝරා ගත් පිරිසකට ලබා දිමෙන් තවත් පිරිසක් බලවත් අසාධාරණයකට ලක් කර ඇති බවටයි අසාධාරණයට ලක්ව සිටින පිරිස් තවදුරටත් චෝදනා කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...