*
Saturday, May 24, 2025
spot_img

Latest Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2021-2022 වසරයන්හි 6,337කට මරු කැඳවමින් මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව ඉන්දියාවේ නවාතැන් පැතු මියන්මාරයේ පළමු සරණාගතයන් කණ්ඩායම නැවත මියන්මාරයට පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මියන්මාරයේ කුමන්ත්‍රණය ආරම්භ වීමත් සමඟ සිවිල් වැසියන් දහස් ගණනක් සහ සියගණනක් හමුදා භටයින් ඉන්දියානු ප්‍රාන්තවලට පලා යාම හේතුවෙන් වාර්ගික ආතතීන් ඉහල යාම සබන්ධයෙන් නව දිල්ලිය මේ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව තිබේ.

මියන්මාරයට මායිම්ව ඇති ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එන්. බිරෙන් සිං සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ‘ඉන්දියාවට ඇතුළු වූ පළමු මියන්මාර ජාතිකයින් කණ්ඩායම අද රටින් පිටුවහල් කරන ලද බවයි’ මෙත් සමඟ අවම වශයෙන් තවත් සරණාගතයින් 77 දෙනෙකු ආපසු යැවීමට මනිපූර් සැලසුම් කර ඇති අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඉන්දියාව විසින් මියන්මාරයේ සරණාගතයන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ තාඩන පීඩනවලින් පලා යන සියල්ලන්ට රැකවරණය සහ ආරක්ෂාව ලබා දෙන ලෙසයි. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ඉදිරියේදී විසා නොමැති දේශසීමා උල්ලංගණය කිරීම් මෙන්ම ජාතික ආරක්ෂාව ආදී හේතුන් නිසාවෙන් ඉන්දියාව බුරුම දේශ සිමාව අතර කිලෝමීටර් 1,643 (සැතපුම් 1,020) දේශසීමාවට වැටක් බැඳීමට කටයුතු කරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan