මහින්ද ඉල්ලා අස්වුණත් අපේ අගමැති මහින්දම තමා – බැසිල්ගේ තීරණය!

Date:

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති නමුත් කෙටි කලක් සඳහා පත්වන අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීම හැර වෙනත් නමක් යෝජනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඒ, ඊයේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු සමඟ පැවති සාකච්ජාවේදී බව සඳහන්.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනතාව අතරට ගෙන ගිය සම්මුතිය වූයේ අගමැති ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීම වන හෙයින් එම ජනවරමට පරිබාහිරව වෙනත් නමක් යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැති බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බවයි කියවෙන්නේ.

එදා ජන වරම එලෙස වුවත් මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටම ජනතා විරෝධය එල්ල වී ඇති පසුබිමක දේශපාලන ස්ථාවරත්වය ඇතිකරගැනීමේ පියවරක් ලෙස විවෘත තීන්දුවක් ගැනීමට රජයට සිදුවනු ඇති බවයි මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අදහස් වී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...