ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම සහ සමඟි ජන බලවේගය අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම ස්වාධීන මන්ත්රීවරු පැවැත්වූ සාකච්ජාවේදී එකී ජාතික එකඟතා ආණ්ඩුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණද එකඟතාව පළකර තිබේ.
කෙසේවෙතත් මෙතෙක් කාලයක විපක්ෂයේ ස්ථාවරය වූයේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිටින රජයක ජාතික ආණ්ඩුවකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට කිසිසේත් සහය නොදෙන බවයි.
ASK