කල දුටු කල වළ ඉහගෙන කෑම

Date:

ඉන්ධන ප්‍රවාහනයේ නියුක්ත පෞද්ගලික බවුසර් ප්‍රමාණය අටසියයක් ලෙස සලකනු ලැබේ. එයින් බවුසර් තුන්සියයක් පමණ ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බව වාර්තා වෙයි. ඉන්ධන ප්‍රවාහනය රට පුරා කඩිනමින් සිදු කළ යුතු බැවින් දිවා – රාත්‍රී සේවයක් ද ආරම්භ කර තිබිණි. පවතින තත්ත්වය යටතේ සියල්ල අවුල් වී ඇත. ඉන්ධන ප්‍රවාහනය එක් දිනක දී අඩාළ වුව හොත් ඒ මඟින් රටේ විවිධ ප්‍රදේශවල අවුල් සහගත තත්ත්වයක් ඇති වීමට පුළුවන. මේ වන විටත් වාහන හිමියෝ නැවත ඉන්ධන පෝලිමට එකතු වී සිටිති.

ඉන්ධන පිළිබඳ භීතියක් සමාජය තුළ පවතින බැවින් තෙල් එක්රැස් කිරීමට බොහෝ දෙනා පෙලඹෙති.බවුසර් රියැදුරන් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් කරමින් එකවරම වර්ජනයක් ආරම්භ කර තිබේ. වර්ජනයට පෙර ඒ පිළිබඳ සාකච්ඡාවක් පවා පවත්වා ඇත. කොයි අතින් බැලුව ද එළැඹ ඇත්තේ ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු අවස්ථාවක් නොවේ. රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා හැකි මට්ටමකින් කවුරුත් දායක විය යුතුය. එය යුතුකමක් හා වගකීමක් ලෙස සැලකීම වඩා නිවැරැදිය.

බවුසර් රියැදුරන්ගේ ඉල්ලීමත්, වර්ජනයත් යන දෙකම යුක්තිසහගත නැත. අමාත්‍යවරයා නිශ්චිත කාලයක් දී ඇති අතර, එම කාලසීමාව තුළ ඉන්ධන ප්‍රවාහනයට සම්බන්ධ නොවන අයගේ තෙල් ප්‍රවාහන බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබේ. එය ඉතා නිවැරැදි තීරණයකි. බවුසර් රියැදුරන්ට ඉන්ධන වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ දිය යුතු නැත.මේ මොහොතේ රටේ ආර්ථිකය සමඟ ද පොදු ජනතාවගේ ජීවිත සමඟ ද සෙල්ලම් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරති. සමහර වෘත්තීය සමිති ද මීට එකතු වී සිටිති. කල දුටු කල වළ ඉහගෙන කෑමේ ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකයට සිදුවන හානිය ඉතා බරපතළය. සංචාරක කර්මාන්තය යනු රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගයකි. විවිධ හේතු නිසා බිඳ වැටී තිබුණු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් විය.

එහෙත් දැන් එය තර්ජනයට ලක් වී ඇත. අරගලකරුවෝ විදේශීය සංචාරකයන්ට හිරිහැර කරති. විදේශීය සංචාරකයන් තාඩන පීඩනවලට ලක් වීමට කැමති නැත. සුන්දර පරිසරයක ආස්වාදය විඳීමට ඔවුහු මෙරටට පැමිණෙති. ඔවුන්ගේ අපේක්ෂා සුන් වුව හොත් යළි කිසි දිනෙක ශ්‍රී ලංකාව දෙස නොබලනු ඇත.අරගලයට මුවා වී ආර්ථිකයෙන් පළි ගැනීම මහා විනාශයකට මුල බව යළි යළිත් සිහිපත් කළ යුතුව තිබේ.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...