ජාතික එකඟතා ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය චම්පික රණවකට ?

Date:

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇතුළු පිරිසක් එක්ව නිර්මාණය කිරීමට නියමිත “ජාතික එකඟතා ආණ්ඩුවේ” මුදල් අමාත්‍ය ධුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග වැදී පාර්ලිමේන්තුවට පැමිණි චම්පික රණවක මහතා සමගි ජන බලවේගය පක්ෂයට එකතු නොවුණු අතර ඔහු එතෙක් නායකත්වය දැරූ ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ද ඉවත්ව 43 වැනි සේනාංකය නම් නව දේශපාලන කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. මේ ඔස්සේම සමගි ජන බලවේගය දෙකඩ වීමේ ප්‍රවණතාව පසුගිය වසර දෙකක් තිස්සේ නිර්මාණය වෙමින් පැවති අතර මේ දේශපාලන අර්බුදය තුළම එහි උච්ඡස්ථානයට ළඟා වනු ඇතැයි සැලකිය හැකිය.

විශේෂයෙන්ම අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිසේත්ම එකඟ නොවන වාතාවරණයක් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇතිකිරීම සඳහා සහ ආර්ථික අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවට එක්විය යුතුය යන්න 43 වැනි සේනාංකයේ ක්‍රියාකාරිකයින්ගේ මතය වී ඇති අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ආකාරය ද පසුගිය දිනවල දැකගත හැකිවිය.

ඊට අමතරව 43 වැනි සේනාංකයේ ඇතැම් ප්‍රබල ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රසිද්ධියේම සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරකම් විවේචනය කරන ආකාරයක් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාව උපහාසයට ලක් කරන ප්‍රවණතාවක් ද පසුගිය දිනවල දක්නට ලැබිණි.

මේ අතර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දෙකම මෙම දේශපාලන අර්බුදය විසඳීමට නම් කඩිනම් මැතිවරණයකට යායුතු බව ප්‍රකාශ කරද්දී චම්පික රණවක මහතා ඊට ප්‍රතිපක්ෂ ලෙස පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙවන් තත්වයක් යටතේ මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් එයින් ජනමතය විකෘති වියහැකි බවත්ය.

එමෙන්ම ඒ මහතා මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළියට ද සහභාගී නොවූ අතර 43 වැනි සේනාංකයේ සියලු ආධාරකරුවන් සමග වෙනම මැයි දින සමරුවක් පැවැත්වීමට ද කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...