අද ලෝක ජනමාධ්‍ය නිදහස දිනය යි

Date:

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍ර‍කාශයට පත් කළ අතර මෙවර සමරනු ලබන්නේ, එහි 30 වැන්නයි. 1986 වසරේ දෙසැම්බර් 17 වැනි දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන් කර ඇත.

මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ යන්නයි.

එදිනෙදා ජීවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදීන් එදා මෙදා තුර මුහුණ දුන් අසීරුතම කාලය දැන් එළඹ ඇති බව ලෝක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය නිදහස දිනකට හෝ තේමාවකට පමණක් සීමා කර, ප්‍රායෝගිකව මාධ්‍යවේදියාගේ තටු සිඳීමේ ක්‍රියාවලිය බොහෝ රටවල අනවරතයෙන් සිදුවන්නකි.

ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා අනුව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...