ඇදුරුතුමන්ලාගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බවකෝප් කමිටුව හමුවේදී හෙළිවී තිබේ.

එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවත් ,  එබැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර ඇති අතර  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර්...

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!