වසර 7ක් විභාගයට නොගෙනම ඇදෙන විමල්ගේ අයථා වත්කම් නඩුව විභාගයට දින නියම කෙරේ !

Date:

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි 18 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (03) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම නඩුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී වන නමුත් මේ දක්වාම එය විභාගයට ගැනීමට නොහැකි වී ඇති බවයි. විත්ති පාර්ශ්වය විවිධ හේතූන් මත මෙසේ නඩුව විභාගයට ගැනීම ප්‍රමාද වන පරිදි කටයුතු කර ඇති බව පැවසූ ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසයි.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කරුණු දක්වමින් චෝදනා කළේ අල්ලස් කොමිසම 2015 – 2019 සමයේදී විත්තිකරුට එරෙහිව දේශපාලනික චේතනාවකින් යුක්තව සිදු කළ විමර්ශනයක් අනුව මෙම නඩුව පවරා ඇති බවට ය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව ජුලි 18 වනදා විභාගයට ගැනීමට දින නියම කළ අතර එදිනට සාක්ෂිකරුවන් තිදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළ අතර නඩු භාණ්ඩ සියල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!