තරග දෙකක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට සූරතාවය

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 04, කොළඹ (LNW): ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරගාවලියේ සූරතාවය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සතු කරගන්නට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම සමත්වීම කැපී පෙණුනා.පළමු තරග දෙකම ජයගෙන සිටි ශ්‍රී ලංකාව තෙවන තරගයද කඩුලු හතරකින් ජය ගන්නට සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට දෙවන තරගයේදී මෙන්ම මොහොමඩ් සිරාස් හිසරදයක් බවට පත් වෙමින් නැඟී සිටියා.ඔහු ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම පල නෙලාගත් පන්දු යවන්නා වුණා.එසේම මේ තරගයට කැඳවා තිබූ සොනාල් දිනූෂ සිය වමත් දඟ පන්දුවෙන් ඇෆ්ගන් පිතිකරුවන්ගේ පිති සිර කරමින් පන්දු ඕවර් 9 ක් යවමින් ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගත්තා.දුෂාන් හේමන්ත ද ලකුණු 29 ට ම කඩුලු 2 ක් දවා ගත් අතර පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ ඇෆ්ගන් ඒ ඉණිම ලකුණු 185 ට සීමා වුණා.

එකඳු අර්ධ ශතකයකට හෝ යාමට ඉඩ නොලද ඇෆ්ගන් පිතිකරුවන් අතරින් ෂීයා උර් රහ්මන් වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 36 ක් රැස් කරන්නට සමත් වුණා.

පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 3 ක් ලකණු 60 ට බිඳ දමමින් ඇෆ්ගන් සටනට පිවිසුන ද,තරගාවලියට මුල් වරට අවස්ථාව දුන් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 84 නොදැවී ලබා ගනිමින් සටන තරගය ජයගන්න තෙක්ම නොදැවී පවත්වාගෙන ගියා.ලකුණු 27 දී පිටියට පිවිස ලකුණු 186 ක් ලබා තරගය ජය ගන්න තෙක්ම කඩුල්ලේ නොදැවී පහර දුන් පසිඳුට පසු පෙළින් පන්දුවෙන් දස්කම් දැක් වූ සොනාල් දිනූෂ හොඳ සහයක් ලබා දෙමින් ලකුණු 35 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉණිමට විශාල බලපෑමක් එල්ල කළ මොහොමඩ් සලීම් පන්දු ඕවර් 10 යවමින් ලකුණු 32 ට කඩුලු 3 ක් දවා ගත්තා.තරගයේ සමස්ත ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.

තරගයේ ලකුණු විස්තරයට → https://www.espncricinfo.com/series/afghanistan-a-in-sri-lanka-2024-1431110/sri-lanka-a-vs-afghanistan-a-3rd-unofficial-odi-1431116/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...