නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නායයෑම් හා ගංවතුර හේතුවෙන් , ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් ගසාගෙන ගොස් මාර්ග වලට හානි සිදුව තිබෙන බව සඳහන් වේ

ජනවාරි මාසයේ ආරම්භ වූ වර්ෂා සමයේදී ඉන්දුනීසියාව නාය යෑම්වලට ගොදුරු වූ අතර සමහර ප්‍රදේශවල වන විනාශය හේතුවෙන් ගැටලුව උග්‍ර වුණා. දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ ප්‍රදේශ ගණනාවකම ගංවතුර ඇති වූ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...