නිමල් සිරිපාලගේ අගමැතිකමට ගෙදරින්ම විරෝධයක් …

Date:

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් එක්ව නිර්මාණය කිරීමට සූදානම් වන “ජාතික එකඟතා ආණ්ඩුවේ” අග්‍රාමාත්‍ය ධුරයට ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාව යෝජනා වී ඇති බව අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

කෙසේවෙතත් නිමල් සිරිපාල මහතා එම තනතුරට පත්වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් පළවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම ජාතික එකඟතා ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා සම්බන්ධීකරණය කටයුතුවල නියැළී සිටින ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් නිමල් සිරිපාල මහතාගේ නිවසට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවකදී ඒ මහතාගේ පවුලේ සාමාජිකයකු සඳහන් කර ඇත්තේ “අනේ මංදා හාමුදුරුවනේ, අපි නම් මේවාට පොඩ්ඩක්වත් කැමති නෑ. මතකනෙ පසුගිය දවස්වල කට්ටියට වෙච්ච දේවල්. අපටත් මේ ගෙදර ඉන්නවත් නැතිවෙයිද කියලා බයයි. මිනිස්සු ඇවිල්ලා අපේ ගෙදරත් වටකරයිද දන්නෑ මේවාට ගිහින්. ඒක නිසා අපේ නම් කිසිම කැමැත්තක් නෑ මේවාට” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...