ෆයිල් එළියට දැම්මට ස්තුතියි. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි …

Date:

දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්…මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි. අපි කියමු මේවා දේශපාලන – ඩීල්කාර – අධිකරණ – පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism). හැබැයි තවමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අසමත් වෙලා තියනවා එක්කෝ මේවා නවත්වන්න, නැවත අයකර ගන්න, මුං හිරේ දාන්න, දඬුවම් දෙන්න.

‘ජනතා ස්වාධීපත්‍යය’ තමයි මේ ප්‍රකාශ වෙමින් තියෙන්නේ. මිනිස්සු මෙයාලට කැමතියි. එයාල චන්දෙ දෙනවා. ඉතිං එයාල එනවා. ඇවිල්ල වැඩේ දෙනවා.

ජනතාව වෙනුවෙන් මැරෙන්න උණත් ලෑස්තියි කියල, මගේ රට, මගේ ජාතිය කියල මැතිවරණ දිනනවා. හැබැයි දිනලා කරන්නේ මේ ෆයිල් මිටියට ෆයිල් එකතු කරන එක.

මහජන ධනය, ඒ කියන්නේ පොදු අරමුදල්, පුද්ගලික පරිහණයට ගැනීම තමයි මේ දුෂණය කියන්නේ. ඉතාම නිර්මාණශීලි ලෙස පරිහරණය කරමින් ගතික ලෙස සමාජයක් දියුණු කරන්න පුළුවන් මෙම මුල්‍ය සම්පත පුද්ගලික පරිහරණය සඳහා කූඩැල්ලන් පිරිසක් විසින් උරා බොනු ලබනවා.

ඒ සඳහා මුලින්ම කරන්නේ මිනිස්සුන්ගේ ඔළු හෝදන එක. මේ අපේ රට, අපේ ජාතිය, අර බලන්න අපේ හතුරෝ, අපි වනසන්න ඉන්න උන්ගෙන් මේ ජාතිය බේරගන්න අප්පච්චි කෙනෙක් ඕනි, අපිට බලය දෙන්න. ඒ වෙනුවෙන් ලියන්නෝ, මාධ්‍ය කාරයෝ, සිංදු කාරයෝ කුළියට ගන්නවා. ඒකට කියන්නේ දෘෂ්ටිවාදී දුෂණය (ideological corruption).

ඒ වෙනුවෙන් මහාවංශය අලුතෙන් ලියනවා. ඉතිහාසය නැවත අර්ථකතනය කරනවා. බුදු හාමුදුරුවන්ට සම්බන්ද කරනවා. ඒ අධ්‍යාපන දූෂණය. සහ ආගමික දූෂණය.

ඊට පස්සේ උඩ එකට ඕනි විදියට අප්පච්චි වගේ මේක් අප් දානවා. ඇඳුම් අඳිනවා. වඳිනවා. උම්මා දෙනවා. ඒ සංස්කෘතික දුෂණය.

ඊට පස්සේ බෙල්ල මිරිකලා හරි චන්දෙ ගන්නවා. පාතාලේ එනවා. හිතවත්තු ලංකර ගන්නවා. බහුතරය පෙන්නනවා. ව්‍යවස්ථාව අලුතෙන් ලියනවා. ඒ දේශපාලන දුෂණය.

ඊටත් පස්සේ ක්‍රිප්ටෝ කරන්සි, අක්වෙරළ ගිණුම්, මුදල් විශුද්ධිකරණය ඔස්සේ සුද්දෙ පටන් ගන්නවා. ඒ තාක්ෂණික දුෂණය.

මේක පරාජය කරන එක ඒ නිසා දීර්ඝ වැඩපිළිවෙලක්. ලොකු මහජන සවිඥාණික බවක් එක්ක යන්න ඕනි දෙයක්. මම හිතන්නේ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගමු කියල.

මහජන දේපළ සම්බන්දයෙන් සමාජ සදාචාරයක් (social morality) ගොඩ නගන්න ඕනි කියලත් ඇතැම් දේශපාලන විචාරකයින් කියනවා.

ෆයිල් එළියට දැම්මට ස්තුති….හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි.

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...