අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට බැසිලුත් ඉදිරිපත් වෙයි !!

Date:

ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊයේ (03) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී ඇති බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුවේ 133ක බහුතරය පෙන්විය නොහැකි නම් තමන්ට එය කළ හැකි බවයි.

පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්වා ආණ්ඩු බලය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දෙවරක්ම විවෘතවම ආරාධනා කළත් මේ වනතෙක් කිසිවෙකුත් ඊට ඉදිරිපත්ව නොමැති බව සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවස්ථාවක් ලබාදෙන්නේ නම් බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවයි සඳහන් කර ඇත්තේ.

මෙය ආරංචි වූ සැණින් විශ්වාස කිරීමට තරමක් අපහසු පුවතක් වුවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සතු මන්ත්‍රී ධුර සංඛ්‍යාවන් සලකා බැලීමේදී මෙය සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව පිළිගැනීමට සිදුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...