අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑ විශේෂ ප්‍රකාශත් නෑ – දිනේෂ්

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි. දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. අගමැතිවරයා තනතුරින් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, එය හෙට හෝ අනිද්දා සිදුවනු ඇති බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...