*
Friday, May 17, 2024
spot_img

Latest Posts

නව ආරම්භයකට ඉඩදෙන්න – අගරදගුරු හිමි දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි

වහාම නව ආරම්භයකට මුල පිරිය යුතු වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව වතිකානුව වෙත ගොස් සිට නැවත මෙරටට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

මේ වන විට රටේ පවතින තත්ත්වය ඉතා භයානක අතර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ යුතු නැති බවයි උන්වහන්සේ එහිදී සඳහන් කළේ.

”ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත දුක්ගැනවිල්ල අපි ඉදිරිපත් කළා. එතුමා ඒ වෙලාවේ පැහැදිලිවම ඉල්ලීමක් කළා පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉෂ්ට විය යුතුයි කියල රටේ නායකයින්ගෙන්. එතකොට අපි දන්නවා රටේ තිබෙන තත්ත්වය ඉතාම භයානකයි.අපි බලාපොරොත්තු වෙන්නේ රටේ වගකිවයුතු නායකයොත් හිතල කටයුතු කරන්න පුරුදු වෙයි කියල. විශේෂයෙන් මහනායක හාමුදුරුවරු කරලා තියෙන ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. එම ඉල්ලීම ඉෂ්ට කරන්න රටේ නායකයෝ කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔය නාටක රඟපාලා වැඩක් නැහැ. හරියාකාර දෙයක් කරන්න ඕනේ. මොකද රටේ ජනතාවට හුගාක් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම දේශපාලන නායකයන්ගේ වගකීමක්. නීතිය ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හසුරුවන්න පුළුවන් විදිහට තිබීම කණගාටුදායකයි. නීතිය ඒ අයට උඩින් ඉන්නට ඕනේ. ඒ නිසා දැන් ඇති අපි නවත්වලා ඔතනින් නව ආරම්භයකට කල්පනා කරමු කියල සියලුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනුයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan