ඉන්ධන ප්‍රවාහනයට පෞද්ගලික අංශයට සිදු කරන වියදම් ….

Date:

ඉන්ධන ප්‍රවාහනයට පෞද්ගලික අංශයට සිදු කරන වියදම් ලෙස පසුගිය මාස 6 තුල පෞද්ගලික ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ වෙනුවෙන් පමණක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දරා ඇති වියදම් අදහා ගත නොහැක. අප්‍රේල් මස එකඟ වූ මිල ගණන් අනුව මැයි මස වන විට ලක්ෂ 4,889ක් වැය වනු ඇති බවට තක්සේරු කර ඇත. පෞද්ගලික ටැංකි රථ කල සමස්ත ඉල්ලීමට ලක්ෂ 5,541ක් වැය වනු ඇති බවටද තක්සේරු කර ඇත. මෙම වියදම් අවම කිරීමට පත් වන ඕනෑම අමාත්‍යවරයෙකු දුම්රිය මගින් ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. එමෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ටැංකි බව්සර් රථ වෙනුවෙන්ද ප්‍රමුඛතාවය සහ අනිවාර්ය කිරීමේ නව ප්‍රතිපත්ති තීරණ ගත යුතුය. එය 2022.05.02 දින සිටම ක්‍රියාත්මක කිරීමට පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදී ඇත.

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන් යාම වෙනුවෙන්ද කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේදී සාකච්ඡා පවත්වා ඇති අතර මෙහිදී,

දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහන කටයුතු පුළුල් කිරීමට සහ 2003 සිට සංශෝධනය නොවූ දුම්රිය ඉන්ධන ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමටත්,

ඉන්ධන පිරවුම්හල් ටැංකි බව්සර් වෙනුවෙන් වෙනම ඉන්ධන ලබා ගැනීමේ පර්යන්ත සහ ඔවුන්ට ආසන්නම ප්‍රාදේශීය ඩිපෝවෙන් ඉන්ධන ලබා දීමටත්

නව ටැංකි බව්සර් ලියාපදිංචියට වෙනම නිලධාරියකු සහ එය සතියක් තුල අවසන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳවත්

රජයේ ටැංකි බව්සර් ප්‍රමාණය වැඩි කිරීමට සහ එය ක්‍රමවත් ලෙස ධාවනය කිරීමටත්

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ඔවුන්ගේ අවශයතා සම්පුර්ණ කිරීමට අවශ්‍ය එකතු කිරීමේ බව්සර් වෙනුවෙන් අනෙකුත් යාබද පිරවුම්හල් සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්

සේවයට වාර්තා නොකරන රථ ලියාපදිංචියෙන් ඉවත් කිරීමටත්

වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවෙන් එළඹ ඇති පිරිසට සංස්ථාව මගින් ලබා දිය හැකි ගාස්තු පමණක් ලබා දීමට සහ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත්

තීරණය කර ඇත.

එමෙන්ම මසකට ලක්ෂ 5,000කට ආසන්න පෞද්ගලික රථ වෙනුවෙන් ගෙවන වියදම් අවම කිරීමට ඉහත යෝජනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීමටද තීරණය කර ඇත.

ඉන්ධන ප්‍රවාහනය වැඩි කොටසක් දුම්රිය මාර්ගයෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර සාකච්ඡවකින් පසු, දුම්රිය මගින් මෙතෙක් ප්‍රවාහනය කල ධාරිතාව අද සිටම වැඩි කිරීමටත්, 2022.05.04 සිට කුරුණෑගල ඩිපෝව වෙනුවෙන් දෛනිකව ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමටත්, දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සහ අඛණ්ඩව සේවය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ලැබී ඇත.

කෙසේ හෝ ජනතාව වෙනුවෙන් මෙවැනි තීරණ ගනිමින් ගැටලු සඳහා කඩිනම් පියවර ගැනීම පැසසුමට ලක් විය යුතුය.

  • විනිවිද facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...