පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනාම ඇප මත නිදහස්

පාර්ලිමේන්තුව අසලදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනාම ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියම කර තිබේ.

ඒ, ඔවුන්ව අද සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව ඔවුන් සියලු දෙනාම පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥවරුන් අති විශාල සංඛ්‍යාවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය.

RN