විපතේදී ලංකාව අත් නොහැරි චීන මිතුදම

Date:

චීනය යනු අතීතයේ පටන් ශ්‍රී ලංකාවට ඇතිවූ ගැටලු බොහොමයකදී ශ්‍රී ලංකාවට උපකාර කළ සහ ජාත්‍යන්තර ගැටලු වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මිදීමටද උපකාර කිරීමට චීනය නොපැකිලිව ඉදිරිපත් වී ඇත. චීන ජනාධිපති Xi Jinping මහතා සහ අග්‍රාමාත්‍ය Li Keqiang මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සමඟ ඉතාමත් හොඳ මිත්‍ර සබඳතාවයක් පවත්වන නායකයන්ය.

පසුගිය අප්‍රේල් 23 වන දින චීන රජය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට කටයුතු කරන ලදී. මීට පෙර කිහිප වතාවක්ම චීන රජය ශ්‍රී ලංකාවට ආධාර ලබා දී තිබුණි. එසේම චීනය ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ගෙවීම සඳහා නැවත ණය මුදලක් ලබා දීම පිළිබඳව අව⁣ධානය යොමු කර තිබුණි.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය අප්‍රේල් 22 වනදා චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා සමඟ සිදුකළ දුරකතන සංවාදයේදී චීන අග්‍රාමාත්‍යතුමා තවදුරටත් ලංකාවට සහය දෙන බවට වූ පොරොන්දුව මත යුවාන් මිලියන 300ක ප්‍රධානයක් මෙරටට ලබා දීමට තීරණය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. ඖෂධ, ඉන්ධන, ආහාර ඇතුලු අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට මෙම ප්‍රධානය සිදු කරන බවයි චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. මේ වන විට රටතුල පවතින ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ රටේ පවතින භාණ්ඩ හිඟය කළමනාකරණය කරගැනීම වෙනුවෙන් මේ වන විට චීන රජය යුවාන් මිලියන 500ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 76 කට ආසන්න මුදලකි.

මේ අර්බුදකාරී අවස්ථාවේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමට ලක් රජයට චීන රජයේ මෙම ප්‍රධාන විශාල ශක්තියකි. එබැවින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනාම චීන අග්‍රාමාත්‍යතුමා ඇතුලු රජයට ස්තුතිවන්ත විය යුතුය.

  • සංදේශය facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...