මේ නිහඬ කාලයයි!

Date:

රෂිකා හෙන්නායක

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මක වන අතර, මෙම කාල සීමාවේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් වන බව, මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය.

හෙට(05) ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම උදෑසන ආරම්භ වන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව, මැතිවරණ කොමිසමේ සභාපති පැවසීය.

දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඒ සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකයි.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සීය තිස් අටකි.මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ , විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...