ඉන්දියාව සමඟ ආතතීන් උත්සන්න වෙද්දී පාකිස්තානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ කාශ්මීරයේ සිදු වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර ආතතීන් උත්සන්න වීමත් සමඟ පාකිස්ථානය බැලස්ටික් මිසයිල අත්හදා ඇති බව පකිස්ථාන හමුදාව නිවේදනය කර තිබේ.

කිලෝමීටර 450 (සැතපුම් 280) ක පරාසයක් සහිත අබ්දාලි අවි පද්ධතිය ලෙස නම් කරන ලද මිසයිල මෙලෙස අත්හදා බලා තිබේ.

සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි මෙම උපායික මිසයිලය, 18 වන සියවසේ නූතන ඇෆ්ගනිස්ථානයේ නිර්මාතෘ අහමඩ් ෂා අබ්දාලිගේ නමින් නම් කර ඇති අතර, ඔහු ඉන්දියානු උපමහාද්වීපයේ බොහෝ ආක්‍රමණවලට නායකත්වය දී ඇත.

පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ් යන මහත්වරු සාර්ථක මිසයිල අත්හදා බැලීම පිටුපස සිටි විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ අයට සුබ පැතුම් එක් කර තිබිණි.

අප්‍රේල් 22 වන දින කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයට සැකකාර කැරලිකරුවන්ටසහය ලබා දුන් බවට නවදිල්ලිය පාකිස්ථානයට චෝදනා කරයි. ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පකිස්ථානය ප්‍රතික්ෂේප කර ඇති මුත්, පකිස්ථාන අමාත්‍ය ටාර් පැවසුවේ ඉන්දීය නායකයින්ට පකිස්ථානයට පහර දීම සඳහා ව්‍යාජ කඩතුරාවක් ලෙස පහල්ගම් ප්‍රහාරය භාවිතා කිරීමට අවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...