බ්‍රසීලයේ රියෝහි ලේඩි ගාගා ප්‍රසංගය නැරඹීමට මිලියන 2.1 ක ජනකායක් පැමිණේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු පොප් තරුවක්, ගීත රචිකාවක් සහ නිළියක් වන ලේඩි ගාගා ඊයේ(03)දිනයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ තීරයේ නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට මිලියන දෙකකට අධික අධික ජනකායක් සහභාගී වූ බව වාර්තා වේ.

2012 වසරේ රියෝහි ඉදිරිපත් කරන ලද ඇගේ මුල් ප්‍රසංගයෙන් අනතුරුව මෙවර ඇය දෙවන වරටද එහිදී සිය රසිකයන් හමුවිය.

ලේඩි ගාගාගේ බ්‍රසීල සංචාරය ඇගේ නව ඇල්බමය වන “මේහෙම්” ප්‍රවර්ධනය කිරීම සඳහා වන ගෝලීය සංචාරයක කොටසක් වන අතර 39 හැවිරිදි මෙම ජනප්‍රිය ගායිකාව සහ නිළිය පසුගිය සතියේ මෙක්සිකෝ නගරයේ ප්‍රසංග දෙකක් පැවැත් විය.

ආරක්ෂාව වෙනුවෙන් 5000කට අධික පොලිස් ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක වූ අතර ප්‍රසංගය හරහා දේශීය ආර්ථිකයට ඩොලර් මිලියන 100 (£ මිලියන 75) ක ආදායමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි.

ටයිම් සඟරාවට අනුව ලේඩි ගාගා 2010 සහ 2019 දී ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කර ඇති අතර විවිධ ප්‍රකාශන මගින් ඇය සියලු කාලයේ ශ්‍රේෂ්ඨතම කලාකරුවන් අතරට ශ්‍රේණිගත කර ඇත.

ඇගේ සම්මාන අතරට ග්‍රැමී සම්මාන 14 ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකක්, MTV වීඩියෝ සංගීත සම්මාන 18 ක් ඇතුලත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...