ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති කාර්යාලයෙන් කාර්ය සාධක බළකා 07ක්

Date:

රට තුළ “ව්‍යාපාර හිතකාමී පරිසරයක්” නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය සැලැසුම් කර තිබේ.

මෙගින් ආයෝජනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙ‍රේ. ඒ අනුව කාර්ය සාධක බළකා වෙත විධිමත් කාර්ය භාරයක් පවරා ඇති අතර ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ.

ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නීතිමය පද්ධතින් යාවත්කාලීන කිරීම සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බළකාය ඊට ඇතුළත්ය.

මෙම කාර්ය සාධක බළකාය මගින් ඩිජිටල් අත්සන් පද්ධතියක් ඇති කිරීම, සමාගම් පනතට අවසන් ප්‍රතිලාභීන්ගේ අයිතිය ඇතුළත් කිරීම සහ සමාගම් රෙජිස්ට්‍රාර් (RoC) විසින් භාවිතා කරන පවතින ආකෘති සරල කිරීම වැනි ප්‍රධාන සේවා ලබා දීම සිදු කරයි.

ඉඩම් ලියාපදිංචිය, අවශ්‍ය සහතික සහ අදාළ ගෙවීම් සම්බන්ධ පියවර වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ‘දේපළ ලියාපදිංචි කිරීමේ’ කාර්ය සාධක බළකායක් ද ස්ථාපනය කිරීමට නියමිතය. මිනුම්පති දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඇතුළු ආයතන හතකින් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වනු ඇත.

ඔප්පු හිමිකම් සෙවීම්, විද්‍යුත් ඔප්පු ලියාපදිංචි කිරීම සහ ගොඩනැඟිලි/වීදි රේඛා සහතික ලබා ගැනීම සඳහා ගතවන කාලය, පිරිවැය සහ ක්‍රියා පටිපාටි අවම කිරීම සඳහා ඊ-ඉඩම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙම කාර්ය සාධක බළකාය මගින් සිදු කරනු ලබයි.

එම කටයුතු මූලික වශයෙන් කොළඹ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම කෙරෙහි කාර්ය සාධක බලකාය අවධානය යොමු කරනු ඇති අතර හිමිකම් විස්තර උපුටා ගැනීම සඳහා මාර්ගගත (online) පහසුකම් ඇති කිරීම, මුද්දර ගාස්තු ගණනය කිරීම සහ ඔප්පු ලියාපදිංචියට මාර්ගගත (online) පහසුකම් සැලසීම, ඉඩම් ලේඛනයට ඇතුළත් ( කැඩැස්තර) සැලැස්ම වෙබ් අඩවියට මුදා හැරීමට සිදු කරනු ඇත.

බස්නාහිර පළාතට අදාළ ඉඩම් කට්ටි පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් සේවාව දැනටමත් ආරම්භ කර තිබේ.

කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ හිමිකම් සෙවීම සඳහා මාර්ගගත පද්ධතියක්, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය මුද්දර ගාස්තු ගණනය කිරීමේ ක්‍රමයක් සහ කොළඹ ඉඩම් ලේඛනාගාරයේ ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා ස්වයංක්‍රීය ක්‍රමයක් වැනි සේවා ලබාදීමට කාර්ය සාධක බලකාය කටයුතු කර ඇති අතර එම කටයුතු 2023 අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කෙරේ.

කාර්ය සාධක බලකායට එහි ඉලක්ක සපුරා ගැනීමට පහසුකම් සැලසීම මෙන්ම අන්තර් නියෝජිත ආයතන සම්බන්ධතා සහ ඩිජිටල්කරණ ගැටලු විසඳීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ සහාය හිමි වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...