දැනට හිඟ ගෑස්, බෙහෙත්, විදුලිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිවෙන්නත් පුළුවන් – අලි සබ්‍රි (VIDEO)

Date:

ගෑස්, ඖෂධ, විදුලිබලය වැනි දැනට හිඟව පවතින දෑ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිව යෑමට හැකි භයානක උවදුරක් ආසන්නයේ ශ්‍රී ලංකාව සිටින බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“ගරු කථානායකතුමනි, මම හිතන ආකාරයට ලංකාව නිදහසෙන් පසුව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. මම දන්නෙ නැහැ මේ සභාවේ සිටින සියලු දෙනාට සහ එළියේ ඉන්න අයට මේකෙ බරපතළකම සහ දිග පළල පිළිබඳව හරි අවබෝධයක් තියෙනවාද කියන එක. මක්නිසාදයත්, අපි නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අපි අද කතා කරන්නේ ගෑස් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ බෙහෙත් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ විදුලිබලය පැය තුනක් හතරක් කැපීම පිළිබඳව. මේක නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් මේවා සම්පූර්ණයෙන්ම නැතිවෙන භයානක උවදුරක ආසන්නයේ අපි සිටින්නේ. එකිනෙකා මේ පිළිබඳව විවිධ අයට ඇඟිල්ල දික් කරගෙන සිටිනවා, මේ අවස්ථාවේදී අපි එකක් දැනගන්න ඕනෙ, අපට මේ උවදුරෙන් මිදීම සඳහා ජාතික වගකීමක් තියෙනවා මේ ආර්ථිකය කඩන් වැටෙමින් තියෙන තැන යම් ප්‍රමාණයකින් හෝ අවප්‍රමාණය කරලා ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීම සඳහා”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...