*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පොහොට්ටුව සියඹලා ගෙනත් දෙයි. විමල් – මෛත්‍රී සුවාදීන රෙදි ගැළවෙයි ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අප්‍රේල් 30 වනදා සිට නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වූ රංජිත් සියඹලාපිටිය මහතා අද (05) දිනයේ යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම සහායෙන් නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

මීට මසකට පමණ පෙර සිට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ බව කියමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යනාදී කණ්ඩායම නියෝජනය කළ සියඹලාපිටිය මහතා මෙම ඡන්ද විමසීමේදී ඡන්ද 148ක් ලබාගෙන තිබුණු බව සඳහන්.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ මුල සිට විමල් වීරවංශලාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නටමින් සිටි ස්වාධීන නාඩගම අදින් අවසන් වූ අතර ඔවුන් තවමත් පැරණි රාජපක්ෂවාදී පොහොට්ටුවම බවත් රටේ පාලනයෙහි කිසිදු වෙනසක් කිරීමට ඔවුන්ට කිසිදු වුවමනාවක් නොමැති බවත් වෙනෙකක් තබා බැසිල් රාජපක්ෂ මහතා කෙරෙහි ඔවුන් එල්ල කළ කර්කෂ විවේචන පවා එකම බොරුවක කොටසක් බවත් අද දිනයේ ඔප්පු විය.

අප්‍රේල් 30 වනදා ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියට මැයි 05 වනදා වනවිට නැවතත් එම තනතුරම අවශ්‍ය නම් ඔහු ඉල්ලා අස්වූයේ කාව රැවටීම සඳහාද යන ප්‍රශ්නය නිතැතින්ම නැඟේ.

ඇත්තෙන්ම සියඹලාපිටියගේ පමණක් නොව විමල්ලා, ගම්මන්පිලලා, වාසුදේවලා සහ ශ්‍රීලනිපය ඇතුළු එකී “සුවාදීන” කණ්ඩායමේම වුවමනා වී ඇත්තේ රට තුළ පවතින රාජපක්ෂ විරෝධය මඳක් සමහන් කරදී යළිත් තමන් පෙර දැරූ තනතුරුවලටම පත්වීමට ය. එමෙන්ම පසුගිය වසර දෙකහමාරක් තිස්සේ තමන් පොහොට්ටු ආණ්ඩුව තුළට වී රටට සිදුකළ විනාශය පිළිබඳ දෝෂාරෝපණයෙන් ගැළවීම සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණත් ඒ ආණ්ඩුවටම වලිග වශයෙන් ඈඳා ගැනීමට ය.

මීට හොඳම උදාහරණය නම් සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවට ජනාධිපතිවරයා සියලුම පක්ෂවලට ආරාධනා කළවිට මෙකී සුවාදීන කණ්ඩායම තමන්ට වෙනම රහසිගත සාකච්ඡාවක් අවශ්‍ය බව කීමය. එම රහසිගත සාකච්ඡාවෙන් පසු දින කිහිපයකින් ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා ද හමුවී රහසිගත එකඟතාවකට ද පැමිණීම ය.

ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාත් මහානායක හිමිවරුන් පවා පටළවා ගනිමින් සිදුකළේ මේ කුමන්ත්‍රණයටම සමගාමීව විපක්ෂය මේ “නව පොහොට්ටු සර්ව පාක්ෂික” ආණ්ඩුව තුළට තල්ලු කිරීමට හෝ එය නොහැකි නම් විපක්ෂය භේද කිරීමට උත්සාහ කිරීමය.

අද දිනයේ මේ සියලු වෙස්මුහුණු හෙළිවූ අතර එය හෙළිදරව් වීමේ වේදනාවෙන් කැළඹෙන දේශපාලනඥයින් දෙස බැලූ විට ඉතිරි හරිය සිතාගත හැකිවනු ඇත.

මෙය කිසිසේත්ම විපක්ෂය ලද පරාජයක් නොවන අතර සුවාදීන යැයි කියමින් රට ඇන්දීමට සැරසුණු පාර්ශ්වයේ අවසානය සනිටුහන් කිරීමක් පමණි.

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan