*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ඇමරිකානු ඉතිහාසය රැකගනීමට නව වැඩසටහනක්

දේශගුණික විපර්යාස නිසා ඇමරිකාවේ වර්ජිනියාවේ ජේම්ස්ටවුන් හායනයට ලක්ව ඇති බවට සංරක්ෂණ කණ්ඩායම් අනතුරු අඟවයි.

එය ඇමරිකාවේ වැදගත්ම ඓතිහාසික ස්ථානවලින් එකක් ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

එය එරට පලමුපෙලේ ඉංග්‍රිසි ජනාවාසයකි. 1607 දී චෙසපීක් බොක්ක අසල පිහිටි කුඩා දූපත පළමු සාර්ථක ඉංග්‍රීසි යටත් විජිතය බවට පත්විය.

එය බොහෝ විට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වහල්භාවයේ උපන් ස්ථානය ලෙස විස්තර කෙරේ. ජේම්ස් ගඟේ වඩදිය බාදිය වැඩි වෙමින් හා හානිදායක වෙමින් පවතී. ජල මට්ටම ඉහළ යමින් පවතී. කුණාටු නිතර , දරුණු වන අතර, අනතුරුදායක ගංවතුර තත්වයන් ඇති විම සුලබ වී තිබේ.

ජේම්ස් ගඟ හේතුවෙන් දැනටමත් අදාල දූපත් ජනාවාසයයන්හි බටහිර කොටස ඛාදනය වී ඇත.

1994 දී මෙහි කැණීම් ආරම්භ කල අතර මුල් බලකොටුව දිය යට ඇති බවට එවකට වැරදි නිගමනයක සිටින්නට විය. එතැන් සිට පුරාවිද්‍යාඥයන් විසින් බලකොටුවේ බොහෝ කැණීම් කර මිලියන ගණනක් පුරාවස්තු සොයා ගෙන ඇත.

මෙනිසා වසර 100ක් පැරණි මුහුදු බැම්ම අලුත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර ජලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කර පොම්ප සහිත ආරක්ෂිත බර්ම් සවි කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන දස දහස් ගණනක් වැය වන අතර අරමුදල් කඩිනමින් සම්පාදනය කිරීමට නියමිතයි.

1607 මෙම වාසස්ථානය සඳහා මුල් පදිංචිකරුවන් පැමිණි විට ඔවුන්ට ස්වදේශික Powhatan ජනතාව මුණගැසුණු අතර, එම ස්වදේශික ගෝත්‍රිකයන් සමඟ ප්‍රචණ්ඩ කාරි ගැටුම් නිර්මාණය විය.

පසුව 1619 දී පළමු මහා සභාව පැවැත්විණි . නීතියේ ආධිපත්‍යය සහ පුද්ගල නිදහස මත පදනම් වූ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රජය එසේ ආරම්භ විය.

නමුත් මාස කිහිපයකට පසු ඇන්ගෝලාවේ සිට වහලුන් රැගත් නෞකාවක් එහි වෙරළට පැමිණීමත් සමඟ නව ජනපදයේ වහල්භාවය ස්ථාපිත විය.

දේශගුණික විපර්යාස හේතුවෙන් හායනයේ තර්ජනයට ලක්ව ඇති එකම ස්ථානය Jamestown නොවේ. ටෙක්සාස් හි හූස්ටන්හි ඔලිව්වුඩ් සුසාන භූමිය පැරණිතම අප්‍රිකානු සහ ඇමරිකානු සුසාන භූමි වලින් එකකි.

එහි සොහොන් 4,000 කට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර 1875 දී සංරක්ෂිත ගත කරන ලදී. මෙසේ ඇමරිකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඓතිහාසික ස්ථාන 11 කි.

01.බ්රවුන් චැපල් AME පල්ලිය, සෙල්මා, ඇලබාමා
02. Naco කඳවුර, Naco, Arizona
03.Chicano කොලරාඩෝ හි ප්‍රජාවගේ බිතු සිතුවම්
04.Deborah Chapel, Hartford, Connecticut
05.Francisco Q. Sanchez Elementary School, Humåtak, Guam
06.Minidoka ජාතික ඓතිහාසික සංරක්ෂිත කලාපය, Jerome, Idaho
07. වොරන් ප්‍රාන්තය, මිසූරි ගුහා චිත්‍ර
08.Brooks-Park Home සහ East Hampton, New York
09.Palmer Memorial Institute, Sedalia, North Carolina
10.ඔලිව්වුඩ් සුසාන භූමිය, හූස්ටන්, ටෙක්සාස්
11.ජේම්ස්ටවුන්, වර්ජිනියා

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan