තුසිත හල්ලොලුවට එරෙහිව ජනාධිපති අනුර වෙනුවෙන් CIDයට පැමිණිල්ලක්

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් සිදුකර ඇති බවට චෝදනා කළ තුසිත හල්ලොලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

මෙම අසත්‍ය චෝදනාවට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පත් කහවත්ත සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

තුසිත හල්ලොලුව පසුගිය දිනයක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් බිලියන 4ක පුද්ගලික ආයෝජනයක් සිදුකර ඇති බවකි.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි. එසේම තුසිත හල්ලොලුව කලක් ජනතා විමුක්ති පෙරමුණ සමග ද සමීපව කටයුතු කළ අයෙකු ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...