වන අලි තර්ජන පවතින ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:ගලමුදුන, උඩගල්දෙබොක්ක ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින කලාපවල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව එම වැඩපිළිවෙළ දියත් කොට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.තේරීම්භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (05) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා පස් කඳු කඩා වැටීම්, අධික වර්ෂාව සහ හදිසි ජලගැලීම් හේතුවෙන් සිදුවන ස්වාභාවික ආපදා තත්ත්වයන් යටතේ ඡන්දය අවහිරයකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවද සඳහන් කළේය.

මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හා නාවුක හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති බවද ඒ මහතා කීවේය.

ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට නිමාවට පත්වෙමින් පවතින බවත්, හෙට දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සහ අනතුරුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයිද කීවේය.

ඒ වෙනුවෙන් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4500ක් ද මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් පන්දහසක්ද යොදවා ඇතැයි දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...