අද (06) දවසේ වැසි තත්වය

අද (06) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 108කට පසු අලුත් වුණු ව්‍යාපාර නාම ලියාපදිංචිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල,...

පළමු වතාවට Port City හිදී සිදුවන අලුත්ම අත්හදාබැලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව තුළ නව...

නලින් බණ්ඩාරගේ ‘ඩ්‍රෝන් ගේට්’ සිද්ධිය: විමර්ශනයට CID කණ්ඩායමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: නීති විරෝධී ලෙස ඩ්‍රෝන...

කඩුගන්නාව – ගනේතැන්න මාර්ගයේ ගමනාගමනයට සීමා

කොළඹ LNW:කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ග...