හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Date:

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.

රට තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවලට හිටපු මහබැංකු අධිපතිවරයා වගකිවයුතු බවට චෝදනා කරමින්, ඔහු රටින් පිටවීම වළක්වාලන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති අතර එය පසුගිය මැයි 02 වනදා කැඳවීමට නියමිතව තිබුණු නමුත් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් මෝසමක් මාර්ගයෙන් ඊයේ දිනයේදී එය නැවත කැඳවා තිබිණි.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේ මැයි 23 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට නොතීසි නිකුත් කිරීමටත් ඔහුට එරෙහි විදෙස් ගමන් තහනම ඒ දක්වා දීර්ඝ කිරීමටත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...