අශූචි පොහොර නැවේ සිද්ධිය : ඇප මත නිදහස් කෙරුණු ගම්මන්පිල යළි රක්ෂිත බන්ධනාගාරයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇප මත මුදාහරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්, වත්මන් ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි.

සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමටත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (මැයි 05) නියම කර තිබිණි.

අල්ලස් කොමිසම විසින් පසුගියදා (අප්‍රේල් 28) ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ 2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව මතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...