පොලීසිය නිදාගෙන නෙවෙයි ඉන්නේ. අපි අපට හැකි උපරිමයෙන් ක්‍රියා කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

රට තුළ තැනින් තැන සිදුවන වෙඩිතැබීම් ඇතුළු අපරාධ මැඩපැවැත්වීම සඳහා පොලීසිය තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසයි.

ප්‍රශ්නය – දිගින් දිගටම මේ අපරාධ සිද්ධ වෙනවා, පොලිසිය බලන් ඉන්නවා. දැන් මේක පුංචි චිකාගෝවක් කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඇත්තටම පොලීසිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද ? ඇත්තටම පොලීසිය නිදාගෙනද ඉන්නෙ ?

“ඔබ බැලුවොත් වෙඩිතැබීම් සිද්ධිවල මම ඔබට සංඛ්‍යා දත්ත වශයෙන් පෙන්නුවා මීට අදාළව අත් අඩංගුවට ගත්ත ආයුධ, එමෙන්ම වෙඩිතබා ගැනීමේ සිදුවීම්වල වෙඩිතැබීමට පෙර ගම්පහ ප්‍රදේශයේදී T56 ගිනිඅවි සමග පුද්ගලයින් අත් අඩංගුවට ගත් ආකාරය ඔබ පසුගිය කාලයේ දැක්කා. ඒ නිසා පොලීසිය නිදාගෙන නෙවෙයි මේ සියලු දේවල් අපි කරනවා. එමෙන්ම මීට අදාළව විදෙස් රටවල සිටි පුද්ගලයන් ලංකාවට ගෙන ඒමත් ඔබ දැක්කා. එම නිසා පොලීසිය කළ හැකි උපරිම මට්ටමින් ක්‍රියා කරනවා”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 05) උදෑසන 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...