පකිස්ථානය සමඟ ජල ගිවිසුම් අත්හිටුවීමත් සමඟ ඉන්දියාව නව ජල විදුලි ව්‍යපෘති අරඹයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කාශ්මීරයේ හිමාලයානු කලාපයේ සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් අනතුරුව පකිස්ථානය සමඟ ආතතීන් ඉහල යාමත් සමඟ ඉන්දියාව එම කලාපයේ ජල විදුලි ව්‍යාපෘති දෙකක ජලාශ ධාරිතාව ඉහළ නැංවීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉන්දියාවේ විශාලතම ජලවිදුලි බලාගාරය වන NHPC Ltd (NHPC.NS) විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන අතර මෙමඟින සලාල් සහ බග්ලිහාර් ජාල ව්‍යාපෘතිවල අවසාදිත ජලය ඉවත් කරමින් නව ජලය ගබඩා කරනු ඇති අතර එමඟින් වඩාත් කාර්යක්ෂම විදුලි උත්පාදනයට සහ ටර්බයින වලට වන හානි වැළැක්වීම අපේක්ෂා කෙරේ,

මෙවැනි අභ්‍යාසයක් සිදු වූ පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඉන්දියාව මේ සම්බන්ධයන් පාකිස්තානය සමඟ පුළුල් පරාසයක සාකච්ඡා කළමුත් එමඟින් තම ජල කොටස අහිමි වීම ගැන පාකිස්ථානය කනස්සල්ලට පත්ව සිටියේය.

පසුගිය මාසයේ පුද්ගලයන් 26 දෙනෙකුට ජිවිත අහිමි කළ කාශ්මීරයේ වෙඩි තැබීමට අදාළ ප්‍රහාරකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු පකිස්ථානුවන් ලෙස හඳුනා ගැනීමෙන් පසු, නවදිල්ලිය පකිස්ථාන ගොවිපලවලින් 80% කට සැපයුම සහතික කරන ගිවිසුම අත්හිටුවා ඇති අතර පකිස්ථානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...