ක්‍රිෂ් ගොඩනැගිල්ලට රතු නිවේදන!

Date:

කොළඹ LNW:කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය බලධාරීන් විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගොඩනැගිල්ල පිහිටි භූමිය දැඩි ලෙස මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉන් කොළඹ නගරයටම සෞඛ්‍ය අවධානමක් ඇති කර තිබෙන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක “War Against Dengue” වැඩසටහනට සමගාමිව බස්නාහිර පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳව සෝදිසි කිරීමේදී කොළඹ කොටුව පරිශ්‍රයේ පිහිටා තිබෙන මේ වන විට සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තිබෙන සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අනාවරණය වී තිබේ.

එහිදී ගොඩනැගිල්ලේ මදුරුවන් බෝවන ස්ථාන කිහිපයක් හදුනා ගෙන ඇති බව සඳහන්.

එම හඳුනාගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් එම පරිශ්‍රය වහාම ධූමකරණයට සහ කෘමිනාශක ප්‍රතිකාරවලට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන වහා ඉවත් කරන ලෙස ගොඩනැගිල්ලේ කළමණාකාරීත්වයට උපදෙස් ලබා දෙමින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...