හමාස් සංවිධානයට එරෙහි හමුදා ප්‍රහාර පුළුල් කිරීමේ සැලැස්මක් සඳහා ඊශ්‍රායල කැබිනට් අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක

හමාස් සංවිධානයට එරෙහි හමුදා ප්‍රහාර පුළුල් කිරීමේ සැලැස්මක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, එයට ගාසා තීරය අල්ලා ගැනීමද ඇතුළත් වන බව, ඊශ්‍රායල් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද පවසා තිබෙන්නේ, හමාස් සටන්කාමීන් විනාශ කිරීමට සහ එහි ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

ඔහු පවසා ඇත්තේ, එය ගාසා තීරයේ ජීවත්වන මිලියන 2යි දශම 1ක ජනගහනය ආරක්ෂා කිරීම සඳහා ගෙන යනු ඇති බවයි. කෙසේවෙතත් හමුදාව විසින් ගාසා තීරයේ කොපමණ භූමි ප්‍රමාණයක් අල්ලා ගනු ඇත්දැයි ඔහු ප්‍රකාශ කර නොමැති නමුත්, “හමුදාව ගාසා තීරයට ඇතුළු වී පිටතට නොඑනු ඇති” යනුවෙන් අවධාරණය කර තිබෙන බව වාර්තා වේ.. 

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ආධාර ආයතන පවසා ඇත්තේ මෙම යෝජනාව මූලික මානුෂීය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි. ඔහු පවසා ඇත්තේ, ඊශ්‍රායලය සිදු කරන මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළ යුතු බව හමාස් බලධාරීන්ද පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...